දිනක් පධානිය මහතෙරුන්වහන්සේට ඛණ්ඩචේල විහාරයේ කණිකාර පධානඝරයෙහි අරියවංස සූත්‍රදේශනාව අසමින් සිටියදී සර්පයෙකු දෂ්ට කළේය. ඒ ගැන කිසිවක් නොසිතා පැහැදුණු සිතින්ම දහම්දේශනාව ශ්‍රවණය කළේය. විස වේගය දරුණු විය. එවිට උන්වහන්සේ උපසම්පදාව ලැබූ තැන් පටන් ශීලය ප්‍රත්‍යවේක්ෂා කොට මම පිරිසිදු සිල් ඇත්තෙක් වෙමි’යි මහත් සේ ප්‍රීති උපදවා ගත්තේය. ඒ ප්‍රීතිය හේතුවෙන් සර්ප විෂ පොළොවට බැස්සේය. තෙරුන් වහන්සේ එහිම සිත එකඟකොට විදසුන් වඩා අර්හත්වයට පැමිණියේය.

(පපඤ්චසූදනී නම් වූ මජ්ඣිමනිකාය අටුවා සබ්බාසවසුත්තවණ්ණනා)

කුඩා මැස්සෙක්, මදුරුවෙක්ගෙන් එන සුළු පීඩාවකදී පවා නොසන්සුන් වන අපට මේ පුවත මහැඟි ආදර්ශයකි. එසේම සුපිරිසිදු සීලයක් රැකීමේ වටිනාකම මෙයින් මොනවට පැහැදිලි වේ.

විශේෂ : මේ පුවතින් සර්පයෙකු දෂ්ට කළද බණ ඇසිය යුතුමය යන වැරදි අදහසක් නොගෙන දහම් ශ්‍රවණය, භාවනා කිරීම් ආදී කුසලයන්හි නිරත වන විට ඉවසීම ආදී ගුණ, සිල් රැකීමේ අනුසස් වැනි වටිනා ආදර්ශ නුවණින් සලකාගෙන මගඵල නිවනින් සැනසෙන්නට උත්සාහ කළ යුතුය.

සම්පාදක
මේධානන්ද හිමි

Download as PDF

පරිගණක අකුරු සැකසුම
උපේක්‍ෂා පියරංගිකා මිය