නිස්සරණාධ්‍යාශයෙන් තොරව  හුදු ලාභ සත්කාර සඳහා ධූතාංග සමාදන් වන  භික්ෂූන්  ගැන  බුදුරජාණන් වහන්සේගේ දේශනා කොට ඇත.

පෙර  පියගාමික  නම් භික්ෂුවක් විය.  උන්වහන්සේ  ධුතාංග සමාදන් ව සිටි භික්ෂූන් වහන්සේලාට බොහෝ ලාභ සත්කාර  ලැබෙනු දැක මම ද ධූතාංග සමාදන් වී බොහෝ ලාභ  සත්කාර  ලබන්නෙමි යයි සෝසානිකාංගය  සමාදන් වී  සොහොනෙහි වාසය කරයි. සෝසානිකාංගය නම් සොහොනට වී ශ්‍රමණ ධර්ම පිරීමයි. එක් දවසක්  මහලු ගවයෙක් දවස පුරා ගෝචරයෙහි හැසිර රාත්‍රී කාලයේදී වමාරා කෑම සඳහා  සොහොන් පිටිය වෙත පැමිණ  වමාරා කමින් සිටියේය.  භික්ෂුව අඳුරේ දී ගවයා නොදුටු අතර වමාරා කමින් සිටි ගවයාගේ හනුවලින් නික්මුණු ශබ්දය ඇසී

බියට පත් වී මෙසේ කල්පනා කළේය. ඒකාන්තයෙන්ම සොහොනෙ හි වාසය කරන දෙවියා  මා ලාභයට කෑදරකමින් සොහොනෙහි වාසය කරන්නේ යැයි දැන මා වෙහෙසට පත්  කිරීමට පැමිණ ඇත. ඉන්පසු ගවයා ඉදිරියේ ඇඳිලි බැඳ  මෙසේ කීවේය “දෙව් රජතුමනි,  මා හට අද රාත්‍රියට පමණක් සමාව දෙනු මැන. හෙට පටන් මෙසේ නොකරමි ” යැයි  නමස්කාර කරමින් මුළු රාත්‍රිය පුරාම සිටියේ ය. පසුදින උදේ උදෑසන හිරු නැඟුණු පසු  මහලු ගවයා දැක මුළු රාත්‍රිය පුරා මා වෙහෙසට පත් කළේ යැයි  සැරයටියෙන් පහරදී  එලවා දැමීය.  

සම්පාදක
පූජ්‍ය කඩුවෙල අතුලඤාණ හිමි


Download as PDF

නවතම දහම් ලිපි සඳහා පිවිසෙන්න. www.mahaviharaya.lk