සිතින් පරුෂ නොවූ මව්ගේ පරුෂ වචනය – ආදර්ශවත් අටුවා කථා

සිතින් පරුෂ නොවූ මව්ගේ පරුෂ වචනය – ආදර්ශවත් අටුවා කථා

සිත, කය, වචනය නොහික්මීම හේතුවෙන් අකුසල්වීමට ඉඩකඩ සැලසේ. බොරු කීම, කේලාම් කීම, ඵරුස වචන කීම, හිස් වචන කීම වචනයෙන් වන අකුසල් වේ. ඒ අතරින් ඵරුස වචනය සිදුවන ආකාරය පිළිබඳ විමසා බැලිය යුතුය.

එක් දරුවකු මවගේ වචනය නොසළකා  වනගත වීමට සැරසුණේය. මව තම දරුවා නො හැකිවන්නී  “සැඩ මී දෙනක් නුඹ ලුහුබඳීවා” යැයි මව ආක්‍රෝෂ කළාය. අකීකරු දරුවා වනයෙහි ගමන් කරන විට මීදෙනෙක් පෙනී සිටියාය. දරුවා බිය වී පිහිටක් සෙවූ නමුත් දැඩි අසරණභාවයකට පත් විය. “ මව විසින් මා හට යමක් මුවින් කීවාද එය සිදු නොවේවා….!!! මව විසින් සැබෑ ලෙසම සිතින් යමක් සිතුවේද එය වේවා….!!! ” යැයි දරුවා සත්‍යක්‍රියා කළේය. එම සත්‍ය ක්‍රියාවේ බලයෙන් මීදෙන හුන් ලෙසම ගමන් කර ගත නොහැකිව පිළිමයක් මෙන් සිටියාය. දරුවා බේරී පලා ගියේය.

මව්පියවරු ඇතැම්විට මෙසේ කීවද කවර ආකාරයේ නමුදු කරදරයට පත් වේවායි නොපතයි. මව්පියවරු එසේ සිතන කල්හි පැවිදි ආචාර්යය උපාධ්‍යායන් වහන්සේලා පිළිබඳ කියනුම කිම? එතුමන්ලා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ අධිගමයක්ම බලාපොරොත්තු වේ. අවම වශයෙන් උපසම්පදා, සාමණේර ආදී ශීලයන්ගේ මනා හික්මීම හෝ බලාපොරොත්තු වේ. එනිසාම ලෝභ, දෝස ආදී අකුසල මූලයන් මතු වූ විට ඒවාට නිග්‍රහ කොට කතා කරති.

ඉහත කතාවේ ඇති පරිදි සිතෙහි සණ්හ බව හේතුවෙන් (මොලොක් බව හේතුවෙන් ) පරුෂ වචනයක් නොවන්නේ යම්සේ ද, එසේ වචනයෙහි සණ්හ බව හේතුවෙන් (මොලොක් බව හේතුවෙන් ) පරුෂ නොවන වචනයක් නොවන්නේ නොවේ.  යමකු මරණයට පත් කරනු කැමැත්තෙන් “මොහුව හොඳින් නිදි කරව” යැයි පැවසූ විට එම වචනය ඵරුස වචනයක් නොවේ. නමුත් සිතෙහි පරුෂ බව නිසා එය පරුෂ වචනයකි.

පහත කරුණු තුන සම්පූර්ණ වූ විට පරුෂ වචනය සිද්ධ වේ.

  • ආක්‍රෝෂ කළයුතු යමෙක් සිටීම
  • කුපිත චිත්තයෙන් යුක්ත වීම
  • වචනයෙන් ආක්‍රෝෂ කිරීම

එමෙන්ම  ආක්‍රෝෂය ලබන්නාගේ ගුණමහන්තතාව මත එහි බරපතලභාවය තීරණය වේ. සිල්වතුන් උදෙසා ආක්‍රෝෂ කරන කල්හි ඔවුන්ගේ ගුණමහන්තභාවය නිසා අකුසලය බරපතල වේ. එනිසාම සසර ගමනේදී නිරය ආදීන්හි උප්පත්තිය ලබා අපගේ නිවන්මඟ අවහිරවීමට හේතු වේ. එබැවින් කායික, වාචසික, මානසික සංවරය උපදවාගෙන හැකිතාක් ඵරුස වචනයෙන් වෙන්වීමට අදිටන් කර ගනිමු.

(බ්‍රහ්මජාල සූත්‍ර වර්ණනාව ඇසුරිනි)

සම්පාදක

පූජ්‍ය පූජාපිටියේ සූරියරතන හිමි

නවතම දහම් ලිපි සඳහා පිවිසෙන්න. www.mahaviharaya.lk

පරිගණක අකුරු සැකසුම
උපේක්‍ෂා පියරංගිකා මිය

 

 

Leave a reply

Your email address will not be published. Required fields are marked *

Tags

Audio (6) featured (4) video (20) අටුවා කථා (18) අපේ ඉතිහාසය (4) අභිධර්මය (6) අරණ්‍ය සේනාසන (4) ආඝාත පටිවිනය සූත්‍රය (1) ආනාපානසති භාවනා (4) ඉබ්බාගමුවේ චින්තානන්ද හිමි (1) කඩවැද්දුවේ ශ්‍රි ජිනවංශාභිධාන මහනාහිමි (1) කුකුල්පනේ සුදස්සී හිමි (4) කුණ්ඩසාලේ අරණගවේසී හිමි (2) කොටුගොඩ නන්දසීල හිමි (1) ග්‍රන්ථ (4) ගාල්ලේ ඤාණෝභාස හිමි (1) ජාතක (1) ජීවක සූත්‍රය (1) දානය (2) දුර්මත (1) දේවතා සංයුක්තය (2) ධම්මපදය (1) ධර්ම දේශනා (12) නා උයනේ අරියධම්ම මහනාහිමි (2) පාළි-අටුවා (3) භාවනා (7) භික්ෂු ප්‍රාතිමෝක්ෂය (2) මකුලෑවේ සුදස්සන හිමි (3) මජ්ඣිම නිකාය (1) මහව ඤාණාලෝක හිමි (4) මහාවිහාරය (2) මීතලාවේ විනීත මාහිමි (2) විකාල භෝජනය (2) විනය (9) විශුද්ධිමාර්‍ගගය (1) විහාර (2) ශීලය (4) සම්මාදිට්ඨිය (1) සුත්ත නිපාතය (2) සූවිසි විවරණය (2)
Share This

සබ්බ දානං ධම්ම දානං ජිනාති - සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය

මෙය ඔබේ මිතුරන් සමග බෙදා ගන්න