Author: MahaViharaAdmin

මුසාවාදය ගැන මේ කරුණු ඔබ දැන සිටියා ද?

ඒ මනුෂ්‍යයන්ගේ ආයුෂ අවුරුදු අසූදහසක් පැවතුණු යුගයයි. ප්‍රාණඝාතය, අදත්තාදානය ආදී අකුසල කර්ම එකල මනුෂ්‍යයන් තුළ විද්‍යමාන නො වී ය. එකල සිටි රජතුමා පෙර සිටි පැරණි චක්‍රවර්තී රජවරු මෙන් දිළින්දන්ට ධනය නො දුන්නේය. දිළින්දන්ට ධනය නො දෙනු ලබන කල්හි දිළිඳු බව විපුලත්වයට පැමිණියේ ය. දිළිඳු බව මහත් වැ ගිය කල්හි එක්තරා මිනිසෙක් අනුන් සතු නොදුන් දැයක් සොර සිතින් ගත්තේ ය. මනුෂ්‍යයෝ ද සොරා අල්ලා ගෙන රජුට භාර දුන් පසු කවර හේතුවක් නිසා නුඹ සොරකම් කළේදැයි රජු සොරා ගෙන් ඇසුවේය. දිළිඳුකම නිසා තමා එසේ කළ බව පැවසූ විට රජු ඔහුට ධනය දී අඹුදරුවන් පෝෂණය කොට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් පැන් පූජා කොට...

Read More

ජීවිතයේ අවසන් ප්‍රාශ්වාසයේ දී අරිහත්වයට පත්වන්නේ කෙසේද? – ආනාපානසති භාවනාව 01

තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් දසබලධාරී සර්වඥ සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය අධිශීල ශික්ෂා, අධිචිත්ත ශික්ෂා, අධිප්‍රඥා ශික්ෂා ලෙස ත්‍රිවිධ වන අතර එහිලා අධිචිත්ත ශික්ෂා සංඛ්‍යාත සමාධි ස්කන්ධය පරිපූරණය කරගෙන අධිප්‍රඥා ශික්ෂා සංඛ්‍යාත ප්‍රඥා ස්කන්ධය වඩා උතුම් නිර්වාණය සාක්ෂාත් කරගැනීමේ පිළිවෙත් මඟ සමථ විදර්ශනා භාවනා වැඩීම මගින් සිදු වේ. එහිලා සිතෙහි සමාධිය වඩවන සමථ භාවනා කර්මස්ථාන මෙන්ම සංස්කාර ධර්මයන් ත්‍රිලක්ෂණයට නංවමින් විදර්ශනා නුවණ වඩා ගැනීම උදෙසා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ පද්මයෙන් දේශනා වුණු සූත්‍ර දේශනා සමස්ථ ත්‍රිපිටකය පුරාම ඇත්තේය. ඒ අතරින් ආනාපානසති භාවනා කර්මස්ථානය විස්තරාත්මකව දේශනා වුණු සූත්‍ර දේශනා බොහොමයකි. එසේම බොහෝ අවස්ථාවල සර්වඥයන් වහන්සේ විසින් ආනාපානසති භාවනාවෙහි ගුණ වර්ණනා කර,...

Read More

මහා විහාර සම්ප්‍රදායේ ඇරඹුම – මහින්දාගමනය

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236ක් ඉක්මගිය පොසොන් පුරපසළොස්වක් දින ලක්දිව අනුරාධපුරය සමීපයේ මිහින්තලා වන පෙදෙස සම්බුදුදහම් සිරියෙන් අලංකාර කරමින් උතුම් සම්බුදුසසුන් පණිවිඩය රැගෙන මහාමහින්ද මහරහතන්වහන්සේ ප්‍රමුඛ ධර්මදූතයන්වහන්සේලා පිරිස දඹදිව සිට පැමිණ ඒ මිස්සක පව්වට සැපත් වූහ. දඹදිව දීපචක්‍රවර්තී වූ ධර්මාශෝක මහරජාණන්ගේ අතිජාත පුත්‍රරත්නය වූ මිහිඳු මාහිමියන්වහන්සේ මොග්ගලීපුත්තතිස්ස මහරහතන්වහන්සේ වෙතින් ලත් සසුන් පැවිදි උපසපන් බව ඇතිව සවුකෙළෙසුන් නසා මහාරහත්භාවයට පත්ව, සර්වඥ සම්මා සම්බුදුරජාණන්වහන්සේ ජීවමාන අවධියේදී “මගේ ශාසනය මහින්ද භික්ෂුව විසින් ලක්දිව පිහිටවනු ලබන්නේය” යනුවෙන් කරන ලද ප්‍රකාශය සැබෑ කරවමින් ඒ දහම් පණිවුඩය රැගෙන ලක්දිව සසුන ප්‍රතිෂ්ඨාපනය කිරීමේ උදාර අදහසින් මෙහි වැඩම කළහ.   එය ක්‍රි.පූ. 307දී රාජශ්‍රීයට පත් දෙවනපෑතිස්රජුගේ රාජ්‍ය සමයයි....

Read More

රථාචාර්‍යය වූ වෘක්ෂ දේවතාවිය

නිම්තෙරක් නොපෙනෙන්නා වූ සාංසාරික භවගමන තුළ අතරමං වී සරණක්, පිහිටක් පතන්නා වූ සත්ත්වයන් කෙරෙහි වූ කරුණාව පෙරදැරි කර දීපංකර සර්වඥ පාදමූලයේ පටන් සතර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා ප්‍රඥාධිකව පුරන ලදුවා වූ මහා පාරමී කුසලයෙන් පිරුණාවූ බෝධිසත්ත්වයන් වහන්සේ පශ්චිමභවිකව සිද්ධාර්ථ නම් ඇත්තේ වී අබිනික්මන් කොට සවසක් දුෂ්කර ක්‍රියාවෙන් පසු මැදුම්  පිළිවෙතට පැමිණ සිවුසස්දහම් අවබෝධ කොට සම්මාසම්බුද්ධත්වයට පත් වූ සේක. පුරා සතළිස්පස් වසක් මහාකාරුණිකභාවයත්, සර්වඥතාඥාණයත් මෙහෙයවා ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් අනේක සතසහස්‍ර සත්ත්වයන්ගේ කෙලෙස් පවස දහම් අමාපැනින් නිවා වදාරමින් නිවන්පුර පැමිණ වූ සේක. තථාගතයන් වහන්සේගේ බුදුකිස තුළ මුවින් නිකුත් වූවා වූ මඳ වූ වචන මාත්‍රයක් පවා සසර දුකින් පෙළෙන්නවුන්ට මහත් අස්වැසිල්ලක්ම...

Read More

මහාවිහාරය

මහාවිහාරය වනාහි ථෙරවාදී බුදුදහමේ හදවතයි. ප්‍රථම ධර්මසංගායනාවෙන් ත්‍රිපිටකයට නැංවුණු බුදුවදන නිවැරදි අර්ථකථන සමඟ පරම්පරාවෙන් පරම්පරාවට සුරක්ෂිත කළේද, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරමින් එහි චිරපැවැත්ම තහවුරු කළේද, පසුකලෙක ඇතිවුණු අධර්මවාදී වූ අභයගිරික ආදී විපරීත මත ඛණ්ඩනය කරමින් ථෙරවාදී බුදුදහම රැකගත්තේද මහාවිහාරයයි. මේ එසේ සුපිරිසිදුව තථාගත වචනය දීපනය කළ මහාවිහාරයේ අන්තර්ජාල අනුවාදයයි. අනුබුදු මිහිඳු මාහිමියන්වහන්සේ විසින් ලක්දිවට රැගෙන එන ලද සුපිරිසිදු ථෙරවාදී බුදුදහම ලක්දෙරණ තුළ මුල්බැසගන්නා ලද්දේ මහාවිහාරය මූලික කරගෙනය. එතැන් පටන් ඒ සුගත තථාගත නිර්මල ශ්‍රී සද්ධර්මය නොකිලිටිව රැකගෙන එනු ලැබූයේ මහාවිහාරීය භික්ෂු පරපුර විසිනි. දෙවන පෑතිස් මහරජු විසින් මිහිඳු මහරහතන්වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා වෙත අනුරාධපුර මහමෙව්නා වනෝද්‍යානයෙහි ඉදි කර පූජා කරන්නට...

Read More
  • 1
  • 2