Author: Palipana

ඔබගේ දැක්ම නිවැරදි ද?

නියත මිත්‍යාදෘෂ්ටිය තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ විසින් තුන් ලෝ වැසි මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්මාදී වූ මුළු මහත් සත්ව ප්‍රජාව වෙත දේශනා කොට වදාළා වූ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්මය වනාහි අර්ථ සහිතය ය. ව්‍යඤ්ජන සහිතය ය. හාත්පසින් ම සර්ව සම්පූර්ණය ය. (සාත්ථං සබ්‍යඤ්ජනං කේවල පරිපුණ්ණං) නිර්වාණධාතුව කෙළවර කොට ඇති සාසන බ්‍රහ්මචර්යාව ප්‍රකාශිතය. ඒ සද්ධර්මය ඇතුළත් වූ පර්‍ය්‍යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ සාසනයෝ දියුණු තියුණු කර ගැනීම සාසනයා ගේ දියුණුව යි. වැඩීම යි. විපුලත්වය යි. ඒ උතුම් දියුණු උදෙසා ප්‍රතිපත්ති පූරණය කරන පුද්ගලයා තුළ පළමු කොට ම පහළ කරගතයුතු වූ ප්‍රධානතම ගුණධර්මය නම් තමා ගේ දෘෂ්ටිය පිරිසිදු කර ගැනීම යි. ‘කම්මස්සකතා සම්මාදිට්ඨිය’ට පැමිණීම යි. නාස්තික, අහේතුක, අකිරිය නම් වූ නියත...

Read More

බුද්ධ වචනය විවරණයෙහිලා ථෙරවාදී අර්ථකථාවෙහි කාර්යභාරය

ක්‍රි. පූ. 6වන සියවස වූකලී ලොව පුරා නොයෙකුත් දාර්ශනික මතවාදයන් බිහිවෙමින් පැවති පුනරුද යුගයක් වූ අතර එකල දඹදිව්තලයෙහි පහළව ලෝක සත්වයා හට ඓහලෞකික සේම පාරලෞකික අභිමතාර්ථයක් උදෙසා දහම් දේශනා කරන ලද සම්මා සම්බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසරක් මුළුල්ලේ වදාළ රස වශයෙන් එකම විමුක්ති රසයක් ඇති, ධර්ම විනය වශයෙන් දෙවැදෑරුම් වූ, විනය-සූත්‍ර-අභිධර්ම වශයෙන් ත්‍රිපිටකයෙක්හිලා සංගෘහිත වූ බැවින් ත්‍රිපිටකය යන නම් ලද්දා වූ, නිකාය විසින් දීඝනිකායාදී පස් වැදෑරුම් වූ, සූත්‍ර, ගෙය්‍ය ආදී නවාංග ශාස්තෲ ශාසනයක් වූ, ධර්මස්කන්ධ විසින් අසූහාරදහසක් වූ [1] ඒ ත්‍රිපිටක ධර්මය පර්යාප්ති ශාසනය ලෙස හැදින්වේ [2]. මෙම පර්යාප්ති ධර්මය වනාහී පෙළ අර්ථකථා වශයෙන් දෙවෑදෑරුම් වන අතර එහිලා භාග්‍යවතුන් වහන්සේ...

Read More