Author: Upeksha

සෝභිත බුද්ධවංශ වර්ණනාව – සවැනි විවරණය

රේවත සර්වඥයන් වහන්සේ පිරිනිවී ඒ බුද්ධ ශාසනයද අතුරුදන් වූ කල්හි ‘සෝභිත’ නම් බෝධිසත්ත්වයන් වහන්සේ සාරාසංඛ්‍යකල්ප ලක්ෂයක් පාරමී පුරා තුසිත දෙව්ලොව ඉපිද එහි යම් තාක් ආයුෂ වේද ඒ තාක් දිව්‍ය සම්පත් විඳ දේවතාරාධනයෙන් දෙව්‍ලොවින් නික්මී සුධම්ම නගරයෙහි සුධම්ම රජුගේ අගබිසව වූ සුධම්මා නම් දේවියගේ කුසෙහි පිළිසිඳගෙන දසමසක් ඇවෑමෙන් සුධම්ම උයනේදී වළාගැබින් මිදී බැබළෙන පූර්ණ චන්ද්‍රයා මෙන් මවුකුසින් නික්මුණු සේක. උන්වහන්සේ වසර දසදහසක් ගිහිගෙයි වාසය කරනුයේ සැත්තෑදහසක් නාටක ස්ත්‍රීන් හට අග්‍ර වූ මඛිලා දේවිය නම් අගමෙහෙසිය කුසින් ‘සීහකුමරු’ උපන්දා සතර පෙරනිමිති දැකීමෙන් සංවේග ප්‍රාප්තව සිටි බෝධිසත්ත්වයන් වහන්සේ රජ මාළිගයෙහිම පැවිදිව එහිම ආනාපානසති සමාධිය භාවිත කරමින් දැහැන් සතරම උපදවා සත්දිනක් ප්‍රධන් වීර්යය...

Read More

‘මංගල’ බුදුන්ගෙන් තෙවන විවරණය ලද සුරුචි බ්‍රාහ්මණයාණෝ

ලෝකනාථ වූ කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ පිරිනිවී අසංඛ්‍ය කල්පයක් ඉක්ම ගිය පසු එක කල්පයක “මංගල, සුමන, රේවත, සෝභිත” යැයි බුදුවරු සිවුනමක් ලොව පහළ වූ සේක. උන්වහන්සේලාගෙන් ‘මංගල’ නම් බුදුරජාණන් වහන්සේ ‘උත්තර’ නම් නගරයෙහි ‘උත්තර’ නම් රජු නිසා ‘උත්තරා’ නම් මව් දේවියගේ කුසෙහි ඉපිද වැඩිවියට පැමිණි පසු ගිහිගෙය හැර දමා පැවිදිව ‘නා බෝධිමූලයේ දී’ සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. එම බුදුරජාණන් වහන්සේ ‘සුදේව, ධම්මසේන’ යැයි අගසව් දෙනමක්ද ‘පාලිත’ නම් උපස්ථායක තෙර නමක්ද ‘සිවලී, අශෝකා’ යැයි අග්‍රශ්‍රාවිකාවන් දෙනමක්ද ලබමින් අසූඅටරියන් උස බුදු සිරුරු ඇතිව වැඩ ඉන්නා වූ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ශ්‍රාවක සන්නිපාත තුනක් විය. එනම්, පළමු වර භික්ෂූන් වහන්සේලා කෝටි ලක්ෂයක්ද, දෙවන...

Read More

උපැවිදි වීමට තැත් දැරූ තිස්ස සාමණේරයන් වහන්සේ -ආදර්ශවත් අටුවා කථා

තිස්ස සාමණේරයන් වහන්සේ තම උපාධ්‍යායන් වහන්සේ සමඟ තිස්ස මහා විහාරයෙහි වාසය කළේය. සාමණේරයන් වහන්සේ ශාසනය කෙරෙහි තමන් කළකිරී ඇති බවත් උපැවිදි වීමට කැමති බවත් උපාධ්‍යායන් වහන්සේට දැන්වූවේය. උපාධ්‍යායන් වහන්සේ සාමණේරයන් වහන්සේ ශාසනයේ රඳවා ගැනීමට උපායක් කල්පනා කොට මෙම ස්ථානයේ පැන් පහසුවීමට ජලය දුලභ බව පවසා දෙදෙනාම චිත්තලපබ්බත විහාරයට වැඩියහ. එහිදී තෙරුන් වහන්සේ ශිෂ්‍ය නමට මෙසේ පැවසීය “මේ විහාරය සංඝික ය, මා හට පෞද්ගලික වාසස්ථානයක්  කරව”.  උපැවිදි වීම ගැන සිතමින් සිටියද ගුරුවරයාගේ ඉල්ලීම ඉවත නොදැමූ සාමණේරයන් වහන්සේ එහි වාසය කිරීම සඳහා පර්වතගුහාවක් පිරිසුදු කිරීමට අමතරව ගුරු උපදෙස් අනුව තවත් කාර්යයන් දෙකක් කළේය. එනම් මුල පටන් සංයුක්ත නිකාය පාඩම් කිරීමත්, තේජෝධාතු කසිණ ධ්‍යානය සඳහා පරිකර්ම කිරීමත්...

Read More

සිතින් පරුෂ නොවූ මව්ගේ පරුෂ වචනය – ආදර්ශවත් අටුවා කථා

සිත, කය, වචනය නොහික්මීම හේතුවෙන් අකුසල්වීමට ඉඩකඩ සැලසේ. බොරු කීම, කේලාම් කීම, ඵරුස වචන කීම, හිස් වචන කීම වචනයෙන් වන අකුසල් වේ. ඒ අතරින් ඵරුස වචනය සිදුවන ආකාරය පිළිබඳ විමසා බැලිය යුතුය. එක් දරුවකු මවගේ වචනය නොසළකා  වනගත වීමට සැරසුණේය. මව තම දරුවා නො හැකිවන්නී  “සැඩ මී දෙනක් නුඹ ලුහුබඳීවා” යැයි මව ආක්‍රෝෂ කළාය. අකීකරු දරුවා වනයෙහි ගමන් කරන විට මීදෙනෙක් පෙනී සිටියාය. දරුවා බිය වී පිහිටක් සෙවූ නමුත් දැඩි අසරණභාවයකට පත් විය. “ මව විසින් මා හට යමක් මුවින් කීවාද එය සිදු නොවේවා….!!! මව විසින් සැබෑ ලෙසම සිතින් යමක් සිතුවේද එය වේවා….!!! ” යැයි දරුවා සත්‍යක්‍රියා කළේය. එම සත්‍ය ක්‍රියාවේ බලයෙන්...

Read More

දීපංකර බුදු පාමුල විවරණ ලැබූ සුමේධ තාපසයාණෝ

තුන් ලොවම එළිය කරන්නා වූ ශ්‍රේෂ්ඨතම හිරු මඬල නම් වූ අපගේ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට මත්තෙහි දඹදිව අමරාවතී නම් නුවර උභය කුල පාරිශුද්ධව බමුණු මහසාල් කුලයෙහි ‘සුමේධ’ නමින් උපත ලැබීය. එතුමන් මහත් ධනයකට හිමිකම් ඇති හෙයින් දර්ශනීය පොකුණු ආදියෙන් සමන්විත වූ ප්‍රාසාදයක කල් ගෙවීය. අන්‍ය කර්මාන්තයක් නොකොට බමුණු ශිල්පයම හැදෑරූ එතුමන් වහන්සේ ත්‍රිවේදය, ලක්ෂණ ශාස්ත්‍රය, ඉතිහාසය ආදී බොහෝ ශාස්ත්‍රයන්හි පරතෙරට ම ඉගෙන ගත්තේය. තරුණ කාලයේදීම මෙම කුමාරයාගේ මව්පියන් කළුරිය කළාහුය. එහෙයින් දිනක් ධනය රැස් කරන අයකැමි ඇමති තෙම අයපොත ගෙන ගබඩාව හැර රන්, රිදී, මුතු, මැණික් ආදී මහාධනස්කන්ධය පෙන්වා මෙය නුඹගේ මවගේ ධනය, මේ පියාගේ...

Read More