Author: Home

නිවන්මඟ යෑමට නිවැරදිව ‘නිවන’ හඳුනාගනිමු!

එක් සමයෙක් හි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ රජගහ නුවර ලෙහෙනුන්ට අභය දුන් හෙයින් ‘කලන්දක නිවාප’ නම් වූ ද හුණ ගසින් හෙබි හෙයින් ‘වේළුවන’ නම් වූ ද මගධේෂ්වර සේනා ඇති බිම්සර රජු විසින් කරවන ලද විහාරයෙහි වැඩ වාසය කරන සේක. එකල බිම්සර රජුට උපස්ථාන කරන්නා වූ විසාඛ නම් එක් සිටුවරයෙක් ද රජගහ නුවර විසීය.  භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අභිසම්බෝධියට පත්ව තුන් බෑ ජටිලයන් දමනය කොට දහසක් බික් සඟන පිරිවරා ප්‍රථම වරට රජගහ නුවරට වැඩම කොට දොළොස් දහසක් පිරිවර සමග පැමිණි බිම්සර රජුට අමාදම් වැසි වස්වා වදාළ සේක. එහිදී පැමිණි පිරිසෙයින් එකොළොස් දහසක් උතුම් සෝවාන් ඵලයෙහි පිහිටියහ.  දහසක් උපාසක බැව් ප්‍රකාශ කළහ.  ඒ සෝවාන් මගින් ආර්ය...

Read More

ත්‍රිපිටක සද්ධර්මය අටුවා ටීකා හා පාළි භාෂාව පිළිබඳ මතවාද විමසුමක් – ‌දෙවන ‌‌‌කොටස

    ත්‍රිපිටක සද්ධර්මය අටුවා ටීකා හා පාළි භාෂාව පිළිබඳ මතවාද විමසුමක්   ත්‍රිපිටක සද්ධර්මය අටුවා ටීකා හා පාළි භාෂාව පිළිබඳ මතවාද විමසුමක් – ‌දෙවන ‌‌‌කොටස        Download PDF         අතිපූජනීය නාඋයනේ අරියධම්ම අනුනාහිමි ගුණානුස්මරණ  “විමතිවිච්ඡේදනී” ග්‍රන්ථමාලාව – අංක 01   පටුන ත්‍රිපිටක සද්ධර්මය අටුවා ටීකා හා පාළි භාෂාව පිළිබඳ මතවාද විමසුමක් – පළමු කොටස  01  ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය අභිධර්ම පිටකය අභිධර්ම පිටකය ගැන මෑතකාලීන ශ්‍රේෂ්ඨ මහතෙරවරුන්ගේ අදහස් විනයපිටකයේ පරිවාරපාළිය සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් ඇතැම් පොත් 02         අර්ථකථා, අට්ඨකථා නොහොත් අටුවා අටුවාව දැනගැනීමේ ඇති වැදගත්කම පිළිබඳ පෙළෙහි දැක්වෙන උදෘත කීපයක් මෙසේ දක්වමු පූර්වාචාරීන්...

Read More

අටුවා විමර්ශනය 04 – බුද්ධඝෝෂ හිමි අටුවා වෙනස් කළේ ද?

බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක ධර්ම දේශනයක් පැවති බවත් එකී ප්‍රකීර්ණක ධර්ම දේශනය ඇසුරින් සමීපචාරී මහරහතන් වහන්සේලා විසින් අර්ථකථා සම්පාදනය කරනලද බවත් පසුගිය ලිපියකින් විස්තර කරන ලදී. එකී අර්ථකථාවම මහින්දාගමනයෙන් ලක්දිවට සපැමිණි අතර එය පසුව සීහළ බසින් පවත්වාගෙන එන ලදී. අනතුරුව ක්‍රි.ව. 5වන සියවසේ දී පමණ ලක්දිවට පැමිණි බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේ සහ සෙසු ධම්මපාල ආදී ආචාර්යයන් වහන්සේලා විසින් ඒ සීහළ අර්ථකථා ශුද්ධ මාගධී (පාළි) භාෂාවට පරිවර්තනය කරන ලදී. එසේ පරිවර්තනය කරන ලද අර්ථකථා සම්පාදනයේ දී එහි අර්ථය වඩාත් තහවුරු කිරීමට නොයෙක් තත්කාලීන ප්‍රවෘත්ති, එවකට සිටි ආචාර්යවරයන්ගේ විනිශ්චයන් ආදිය එක් කරන ලදී. මෙම එකතු කිරීම් ආදිය හේතුවෙන් බුද්ධඝෝෂ හිමි ඇතුළු ඒ අටුවාචාරීන්...

Read More

චීවර විනිශ්චය හෙවත් සිවුරේ කථාව

“පංසුකූලචීවරං නිස්‌සාය පබ්‌බජ්‌ජා, තත්‌ථ තෙ යාවජීවං උස්‌සාහො කරණීයො; අතිරෙකලාභො ඛොමං, කප්‌පාසිකං, කොසෙය්‍යං, කම්‌බලං, සාණං, භඞ්‌ගං.”(මහාවග්ගපාළි, මහාඛන්ධකය) සම්බුද්ධ ශාසනයෙහි උතුම් පැවිදි උපසම්පදාව ලබන භික්‍ෂුවක් ස්වකීය දිවිපැවැත්ම පංසුකූලික සිවුර ඇසුරු කරගෙන පවත්වා ගැනීමට උත්සාහවත් වියයුතු බව මහාකාරුණිකයන් වහන්සේ වදාළේ එපරිද්දෙනි.  ඒ අනුව සැදැහැයෙන් පැවිදි වන කුලපුතුන් තෙවිසි (23) පංසුකූල ක්‍ෂේත්‍රයන්ගෙන් එක්තරා ආකාරයකට උපන් පංසුකූලික සිවුර ඇසුරුකොට ගෙන දිවි ඇතිතාක් යැපීමට උත්සාහවත් විය යුතු අතර කොමුපිළි, කපුපිළි, කොසෙය්‍ය (පට පිළි), කම්බිලි, හණපිළි, මිශ්‍ර පිළි යන මේවා තමන්ට ලැබේනම්, අතිරේක ලාභ වේ. සම්බුද්ධත්‍වයේ පටන් පළමු විසිවස තුළ භාග්‍යවතුන් වහන්සේ විසින් ගෘහපති සිවුරු අනුදැන නොතිබූ බැවින් සියලු භික්‍ෂුහු පංසුකූලික වූහ.  ඉක්බිති තථාගතයන් වහන්සේ රජගහ...

Read More

ත්‍රිපිටක සද්ධර්මය අටුවා ටීකා හා පාළි භාෂාව පිළිබඳ මතවාද විමසුමක් – පළමු ‌‌‌කොටස

  ත්‍රිපිටක සද්ධර්මය අටුවා ටීකා හා පාළි භාෂාව පිළිබඳ මතවාද විමසුමක්   ත්‍රිපිටක සද්ධර්මය අටුවා ටීකා හා පාළි භාෂාව පිළිබඳ මතවාද විමසුමක් – පළමු ‌‌‌කොටස        Download PDF         අතිපූජනීය නාඋයනේ අරියධම්ම අනුනාහිමි ගුණානුස්මරණ  “විමතිවිච්ඡේදනී” ග්‍රන්ථමාලාව – අංක 01   පටුන ත්‍රිපිටක සද්ධර්මය අටුවා ටීකා හා පාළි භාෂාව පිළිබඳ මතවාද විමසුමක් – ‌පළමු කොටස  01  ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය අභිධර්ම පිටකය අභිධර්ම පිටකය ගැන මෑතකාලීන ශ්‍රේෂ්ඨ මහතෙරවරුන්ගේ අදහස් විනයපිටකයේ පරිවාරපාළිය සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් ඇතැම් පොත් 02         අර්ථකථා, අට්ඨකථා නොහොත් අටුවා අටුවාව දැනගැනීමේ ඇති වැදගත්කම පිළිබඳ පෙළෙහි දැක්වෙන උදෘත කීපයක් මෙසේ දක්වමු පූර්වාචාරීන් වහන්සේලා...

Read More