Month: July 2017

මල්ලවපොර ශූර වූ පීතමල්ල විදසුන් වඩා රහත් වෙයි. – ආදර්ශවත් අටුවා කථා 04

අතීතයේ දඹදිව පීතමල්ල නම් වූ මල්ලවපොර ශූරයෙක් රාජ්‍යයන් තුනෙක්හි ජය ලබා සීහලදීපයට අවුත් රජු බැහැ දැක රජුගේ අනුග්‍රහයෙන් දිනක් කිලඤ්ජක ආසන ශාලා ද්වාරය අසලින් යන විට “රූපං භික්ඛවේ න තුම්හාකං තං පජහථ තං වෝ පහීනං දීඝ රත්තං හිතාය සුඛාය භවිස්සතී’ති” – ‘මහණෙනි, රූපය තොපගේ නොවේ. එය දුරු කරව්. එය දුරු කළ තොපට බොහෝ කාලයක් හිත පිණිස පවත්නේ යැයි යනාදී බුදුවදන් අසා එයම තමා අඬකුසයක් කොට එතැනින් නික්මී මහාවිහාරයට ගොස් පැවිද්ද ඉල්ලා උපසපන් වී උභයප්‍රාතිමෝක්ෂය ඉගෙන භික්ෂූන් තිහක් සමඟ ‘ගවරවාලිය අංගණ’ නම් තැනට ගොස් මහණදම් කළේය. සක්මන් කරන විට පා වෙහෙසී දණහිසින් සක්මන් කළේය. එදින රාත්‍රියේ එක් මුව වැද්දෙක් උන්වහන්සේව...

Read More

සර්පයෙක් දෂ්ට කළත් පහන් සිතින් බණ අසා අර්හත්වයට පත්වීම – ආදර්ශවත් අටුවා කථා 03

දිනක් පධානිය මහතෙරුන්වහන්සේට ඛණ්ඩචේල විහාරයේ කණිකාර පධානඝරයෙහි අරියවංස සූත්‍රදේශනාව අසමින් සිටියදී සර්පයෙකු දෂ්ට කළේය. ඒ ගැන කිසිවක් නොසිතා පැහැදුණු සිතින්ම දහම්දේශනාව ශ්‍රවණය කළේය. විස වේගය දරුණු විය. එවිට උන්වහන්සේ උපසම්පදාව ලැබූ තැන් පටන් ශීලය ප්‍රත්‍යවේක්ෂා කොට මම පිරිසිදු සිල් ඇත්තෙක් වෙමි’යි මහත් සේ ප්‍රීති උපදවා ගත්තේය. ඒ ප්‍රීතිය හේතුවෙන් සර්ප විෂ පොළොවට බැස්සේය. තෙරුන් වහන්සේ එහිම සිත එකඟකොට විදසුන් වඩා අර්හත්වයට පැමිණියේය. (පපඤ්චසූදනී නම් වූ මජ්ඣිමනිකාය අටුවා සබ්බාසවසුත්තවණ්ණනා) කුඩා මැස්සෙක්, මදුරුවෙක්ගෙන් එන සුළු පීඩාවකදී පවා නොසන්සුන් වන අපට මේ පුවත මහැඟි ආදර්ශයකි. එසේම සුපිරිසිදු සීලයක් රැකීමේ වටිනාකම මෙයින් මොනවට පැහැදිලි වේ. විශේෂ : මේ පුවතින් සර්පයෙකු දෂ්ට කළද බණ...

Read More

විපරීත දෘෂ්ටිය නිසා කිඹුල් ප්‍රේතයෙක් වූ මහාවාචකාළ උපාසක – ආදර්ශවත් අටුවා කථා 02

අන්තරාගංගා නම් ස්ථානයෙහි මහාවාචකාළ නම් වූ උපාසකයෙක් විය. හෙතෙමේ සෝවාන් මාර්ගඵල උදෙසා තිස් අවුරුද්දක්ම ද්වත්තිංසාකාරය පුහුණු කළේය. එසේ කළත් ආලෝක මාත්‍රයක්වත් (අර්පණා සමාධිය) උපදවන්නට නොහැකිව බුද්ධ ශාසනය සසරින් එතෙරවීමට උපකාර වන්නක් නොවේ යැයි විපරීත දෘෂ්ටි ගෙන මරණින් මතු මහවැලිග‍ඟෙහි නව ඉස්බක් පමණ වූ කිඹුල් ප්‍රේතයෙක් වී උපන්නේය. දිනක් කසා තොටින් එතෙර වීමට ආ ගල්කණු පිරවූ කරත්ත හැටක් ගොනුන් සමඟ ගිල දැම්මේය. (මනෝරථපූරණී නම් වූ අඞ්ගුත්තරනිකාය අටුවා තික නිපාත) අංගුත්තර නිකාය අටුවාවෙහි එන මෙම කථා ප්‍රවෘත්තිය වත්මන් අපට බොහෝම වටිනා ප්‍රවෘත්තියකි. ඒ මන්ද යත් එදාටත් වඩා අද මෙවැනි විපරීත දෘෂ්ටි ඇති බොහෝ දෙනෙක් සිටින බැවිනි. මගඵල ලැබීමට අප ඇතැම්විට කෙතෙක්...

Read More

පරපණ නො නසා මව සුවපත් කළ චක්කන – ආදර්ශවත් අටුවා කථා 01

සීහළ දීපයේ චක්කන නම් උපාසකයෙක් විය. කුඩා කාලයේ ඔහුගේ මවට රෝගයක් වැළඳුණි. වෙදැදුරා විසින් එයට අමු සා මස් ලැබීම වටී යැයි කීවේය. ඉන්පසු චක්කනගේ සහෝදරයා කුඹුරට ගොස් හාවකු අල්ලාගෙන එව යැයි චක්කනව කුඹුරට යැවීය. කුඹුරට ගිය චක්කන ලා ගොයම් කන එක් සාවෙකු දුටුවේය. සාවා චක්කනව දැක බියවී වේගයෙන් දුව යන විට වැලක පැටලී ‘කිරි කිරි ‘ යැයි ශබ්ද කළේය. චක්කනද එතැනට දුවගොස් හාවා මවගේ බෙහෙත් පිණිස අල්ලාගන්නට සිතා නැවත මවගේ ජීවිතය සඳහා වුවත් අනෙකෙකුගේ ජීවිතය නැසීම නොවටී යැයි සිතා හාවා මුදා හැර හිස් අතින් ගෙදර ආවේය. සොහොයුරා මේ සියලු පුවත් දැන චක්කනට දොස් කීවේය. ඒ නමුත් චක්කන තම මව...

Read More

ලෝභය දුරුකළ රන්කරු පුත්‍රයා (උරග සූත්‍රය – II ගාථාව)

දිව්‍ය, මනුෂ්‍ය, තිරිසන් ආදි විවිධ ආත්මභාව ප්‍රතිලාභ ලබමින් සසර දුක් විඳින සත්ත්වයන්ට නිවෙන මඟක් දෙසා වදාළා වූ භාග්‍යවතුන්වහන්සේ විසින් ක්ලේෂයන්ගේප්‍රහාණයෙන් නිවීම ලබන අයුරු සඳහන් කොට දෙසා වදාළ උරගසූත්‍රයේ රාග, මානාදී ක්ලේෂයන් අරමුණු කොට දෙසූ සෙසු කොටසය. මෙහි රාගාදිය ඉවත් කිරීමෙන් ලබන උතුම් සැනසීම පිළිබඳව කියැවෙයි. එක්තරා කාලයක භාග්‍යවතුන්වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන අතරතුර කාලයේදීම සාරිපුත්ත ස්වාමීන්වහන්සේගේ උපස්ථායක කුලයක රන්කරු පුත්‍රයෙක් සාරිපුත්ත ස්වාමීන්වහන්සේ හමුවේ පැවිදි බව ලැබීය. සැරියුත් තෙරුන්වහන්සේ තරුණයන් සඳහා අසුභ කමටහන යෝග්‍ය වන්නේ යැයි සිතා ඒ නවක පැවිදි හිමිනමට රාගය නසන්නා වූ අසුභ කමටහන ලබා දුන්නේය. නමුදු නවක පැවිදි භික්ෂුව එම අසුභ කමටහන මුල්කොටගෙන භාවිත සිත් මාත්‍රයක් පමණක්වත්...

Read More