Month: August 2017

නිවන් අවබෝධයට භාවනා කළ යුතුමද? – සිත නිවන භාවනා

මෙය වර්තමානයේ බොහෝ දෙනෙකුට ඇති වන ගැටළුවකි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කළ ධර්ම ශ්‍රවණයෙන් නිවන් සාක්ෂාත් කර ගත් පුද්ගලයින් සංඛ්‍යාව අසංඛෙය්‍ය ගණන් වේ. භාවනා කර නිවන් දුටු පුද්ගලයන් පිළිබඳව ත්‍රිපිටක පාළියෙහි සඳහන් වන්නේ ඉතාම අල්ප වශයෙනි. එහෙයින් බොහෝ දෙනෙකුට ඇතිවන ගැටළුවක් වන්නේ නිවන් දැකීමට භාවනාව අත්‍යවශ්‍ය කටයුත්තක්ද යන්නයි. මෙයට දිය හැකි කෙටිම පිළිතුර “ඔව්” යන්නයි. නිවන් සාක්ෂාත් කරගැනීමට භාවනාව අත්‍යවශ්‍ය වේ. මේ පිළිබඳව පැහැදිලි කරගැනීමට අංගුත්තර පඤ්චකනිපාතයේ, පඤ්චඬ්ගික වර්ගයේ එන ‘විමුක්තායතන සූත්‍රය’ ඇසුරු කළ හැකි වේ. එහි මෙසේ සඳහන් වේ. “පඤ්චිමානි භික්ඛවේ විමුත්තායතනානි, යත්ථ භික්ඛුනෝ අප්පමත්තස්ස අතාපිනෝ පහිතත්තස්ස විහර‍තෝ අවිමුත්තං වා චිත්තං විමුච්චති, අපරික්ඛීනා වා ආසවා පරික්ඛයං ගච්ඡන්ති, අනනුප්පත්තං...

Read More

කෙටි කාලයකට හමු වූ ජීවිතය – උපනීයති සූත්‍රය

බෞද්ධයන්ට හෝ අබෞද්ධයන්ට ජීවිතය පිළිබඳ ජීවිතයේ කවර හෝ අවස්ථාවකදී වැටහෙන ධර්මතා දෙකක් ඇත. එනම් ජරාව සහ මරණයයි. දුක්ඛසත්‍යයෙහි බුදුරජාණන්වහන්සේ වදාරණ එම කාරණා පිළිබඳ යම් වැටහීමක් ඇති වුවද ඒ ජරාව සහ මරණය පිළිබඳව එක් එක් පුද්ගලයා සිතන ආකාරය සහ ඊට විසඳුම් සොයන ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඇතැමෙක් ජීවත්ව සිටිනා ස්වල්ප වූ ජීවිත කාලය තුළදී හැකි තරම් සැප විඳිය යුතු යැයි දෘෂ්ටියට බැසගෙන රිසි සේ සිකපද බිඳිමින් හැසිරේ. ඇතැම් සත්වයන් ස්ථිර, නොවෙනස් වන, සදාකාලික වූ බ්‍රහ්මලෝක හෝ දිව්‍යලෝක ඇතැයි සිතා ඒවායෙහි ඉපදීමට සිතා කටයුතු සම්පාදනය කරයි. තවත් ඇතැමෙක් ජීවිතය ඉතා ඉක්මනින් අවසන් වන නිසා සංසාරයට මග වියදම් ලෙස පින් රැස්කරගත යුතු...

Read More

මහාදුක්ඛක්ඛන්ධ සූත්‍රය

පූජ්‍ය කුණ්ඩසාලේ අරණගවේසී ස්වාමීන් වහන්සේ විසින් මහාදුක්ඛක්ඛන්ධ සූත්‍රය ඇසුරින් පවත්වන්නට යෙදුණු ධර්මදේශනාව. Download LQ MP4 Download HD MP4 Download...

Read More
  • 1
  • 2