Month: September 2017

නිසි කල කළ යුතු අවවාදය – කස්සපගොත්ත සූත්‍රය

සසර ගමන යනු වචනයෙන් කිව නොහැකි තරම් දීර්ඝ වූ උපමානුසාරයෙන්ම පමණක් තේරුම් කර ගත යුතු අතිදීර්ඝ වූවකි. අවිද්‍යාව සහ තණ්හාවෙන් ගැවසීගෙන කාමයන් පසු පස හඹාගෙන යන සත්ත්වයන‍්ට ධර්මය තේරුම් කර දීම අතිදුෂ්කර කටයුත්තකි. තමන්ගේ කටයුතු මඳ වේලාවකට හෝ පසෙක තබා බණ පදයකට ඇහුම්කන්දීමට සිත නැමෙන්නේ කිහිපදෙනෙකුට පමණි. එසේ සිත නැමුණද ධර්ම ගරුත්වය උපදවාගෙන පාරමිතා වැඩෙන අයුරින් දහමට ඇහුම්කන්දෙනුයේ ස්වල්ප පිරිසකි. දහම් ඇසීමට තබා දහම් දෙසන තැනක් අසල රැඳී සිටීම පවා ඇතැම් පුද්ගලයන්ට ප්‍රිය නොවේ. අභාවිත සිත් පැවතීම අන් කිසිවක් නිසා නොව සසර දෝෂය නිසාම සිදුවන්නකි. අභාවිත සිත් ඇති පුද්ගලයන් සමඟ කටයුතු කිරීමට ධර්මය උගන්වන ගිහි-පැවිදි පින්වතුන්ට සිදු වේ. එවැනි...

Read More

ගිලානස්ස අනාපත්ති

“සම්පන්නසීලා, භික්ඛවෙ, විහරථ සම්පන්නපාතිමොක්‌ඛා; පාතිමොක්ඛසංවරසංවුතා විහරථ ආචාරගොචරසම්පන්‌නා අණුමත්‌තෙසු වජ්‌ජෙසු භයදස්‌සාවිනො; සමාදාය සික්ඛථ සික්‌ඛාපදෙසු[i] = මහණෙනි පිරිපුන් සිල් ඇත්තාහු ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් යුක්තව වසවු. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවෘත වූවාහු ආචාරයෙන් හා ගෝචරයෙන් සමෘද්ධව වසවු. ස්වල්ප මාත්‍රවූ වරදෙහි භය දක්නාසුලුව මොනවට ගෙන ශික්ෂාපදයන්හි හික්මෙවු”. සසරෙහි බිය දැක සියලු දුකින් මිදෙන නිර්වාණය සාක්ෂාත් කරගනු කැමතිව සසුන් ගත වන කුළපුත්‍රයන් හට ශීල සංවරයෙන් යුතු විය යුතු බව සර්වඥයන් වහන්සේ විසින් වදාළේ එපරිද්දෙනි. එහෙයින් නිස්සරණ අධ්‍යාශයෙන් යුක්ත වූවාහු කුදු මහත් සිකපදයන්හි මොනවට හික්මෙමින් අනුමාත්‍ර වූ වරදෙහිදු බියදක්නා සුලුව මහණදම් පිරීමෙන් සියලු දුකින් මිදෙන උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්නාහ. “යො වො, ආනන්ද, මයා ධම්‌මො ච විනයො ච දෙසිතො...

Read More