Month: January 2018

අසමසම බුදු පියාණෝ

අසමසම බුදු පියාණෝ සම්පාදක ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද පූජ්‍ය දිගන සුගතවංස ස්වාමීන් වහන්සේ Download as PDF ධර්මදානය සඳහා අනුග්‍රහය හේරත් බණ්ඩාර මහතා දිමුතු මුද්‍රණාලය –...

Read More

දැන දැන ම ගුණ වනමු – ඔබ අන් අයට පහදින්නේ කෙසේද?

මනුෂ්‍යයන් වන අපි අන් පුද්ගලයන් මැනීමෙහි නිරතවීමට අතිශයින්ම කැමැත්තෝ වෙමු. අන් පුද්ගලයින් ගේ උස, මහත, වර්ණය, අඳින පළඳින ආකාරය, ගමන්කිරීම් ආදී ඉරියවු පවත්වන ආකාරය ඇතුළු නිර්ණායක සිය දහස් ගණනක් පදනම් කරගෙන අපි මෙම කටයුත්ත කරන්නෙමු. එම මිනුම් පදනම් කරගෙන අන් පුද්ගලයන් පිළිබඳව නිගමන සහ තීන්දු තීරණවලට බැසගැනීම ද අප අතින් සිදු වේ. ඉන් නොනැවතී ඒවා මත පිහිටා අන් පුද්ගලයන් සමඟ ඕපාදූප කතාකිරීමට ද අපි පෙළැඹෙන්නෙමු. ලෝකයෙහි වාසය කරන පුද්ගලයන් තේරුම් ගෙන ලෝකය සමඟ කටයුතු කිරීමේ දී මෙන් ම තමන් ගේ කෙළෙස් ප්‍රත්‍යවේක්ෂණයේ දී ද පුද්ගල නානත්වය පිළිබඳව ධර්මයෙහි එන දේශනා පිළිබඳව ඇති අවබෝධය මහත් සේ උපකාරී වේ. සත්ත්වයන් විසින්...

Read More

සෑ මළුව හැමද මාරයා පැරදවූ ඵුස්සදේව තෙරුන්වහන්සේ-ආදර්ශවත් අටුවා කථා 08

භික්ෂුවකගේ දිවිපෙවෙතෙහි වත පිළිවෙත වැදගත් අනිවාර්ය අංගයකි. එයින්ද හැමදීමට ප්‍රධාන තැනක් හිමිවේ. භාග්‍යවතුන් වහන්සේ හැමදීමේ අනුසස් පහක් දක්වා තිබේ. ඉන් පළමුවැන්න නම් තම සිත පැහැදීමයි. ඊට උදාහරණ දැක්වෙන කථා ප්‍රවෘත්තියක් විනය අටුවාවේ එයි. එක් දිනක් කටකන්දරවාසී ඵුස්සදේව තෙරුන් වහන්සේ තෙරුන් වහන්සේ සෑ මළුව ඇමද තම සිවුර එකාංශ කොට සේපාලිකා මලින් කළ ඇතිරියක් මෙන් මනාව වැලි සමතලා කොට තිබූ වැලි මළුව දෙස බලමින් බුදුගුණ මෙනෙහි කරමින් සිතෙහි  ප්‍රීතිය උපදවාගෙන සිටියේය. ක්ෂණයකින් කළු වඳුරෙක් එහි මතුවී මළුවේ අසූචි විසුරුවන්නට විය. තෙරුන්වහන්සේගේ කුසල අරමුණට බාධා ඇති විය. මළුව නැවත ඇමද පිරිසිදු කොට තෙරුන්වහන්සේ ආපසු වැඩම කළහ. දෙවන දිනයේද සෑ මළුව ඇමද ප්‍රීතියෙන්...

Read More

අනුත්තර වූ බැබලීම-පජ්ජෝත සූත්‍රය

ලෝකය ස්වභාවික ප්‍රභවයන් වූ හිරුසඳු මෙන්ම මිනිසා විසින් නිපදවන ලද කෘතිම ප්‍රභවයන්ගෙන්ද ආලෝකමත් වෙයි. ඒ සෑම එළියක්නිම වන බැබලීමකටම පැතිරිය හැකි සීමාවක් ඇත. ඉන් ඔබ්බෙහි වූ ප්‍රදේශය බබුළුවන්නට එම ආලෝකයන්ට නොහැක. බුදුරජාණන් වහන්සේගේ බැබලීම, ආලෝකය අනුත්තරීය වූවකි. අනුත්තරීය යන්නෙහි අදහස නම් ඊට වඩා උසස් දෙයක් නැති බවයි. තථාගතයන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වෙසෙන සමයක එහි පැමිණි දෙවි කෙනෙක් මේ පිළිබඳව ප්‍රශ්නයක් ඇසුවේය. “යමෙකින් ලොව බබලයි නම් එබඳු එළි ලොව කෙතෙක්ද? අප ඒ කාරණය භාග්‍යවතුන් වහන්සේගෙන් දැනගන්නට පැමිණ කෙසේ දැන ගන්නෙමුද?” ඊට පිළිතුරු වශයෙන් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. “චත්තාරෝ ලොකේ පජ්ජෝතෝ – පඤ්චමෙත්ථ න විජ්ජති දිවා තපති ආදිච්චෝ –...

Read More