Month: March 2018

මුසාවාදය ගැන මේ කරුණු ඔබ දැන සිටියා ද?

ඒ මනුෂ්‍යයන්ගේ ආයුෂ අවුරුදු අසූදහසක් පැවතුණු යුගයයි. ප්‍රාණඝාතය, අදත්තාදානය ආදී අකුසල කර්ම එකල මනුෂ්‍යයන් තුළ විද්‍යමාන නො වී ය. එකල සිටි රජතුමා පෙර සිටි පැරණි චක්‍රවර්තී රජවරු මෙන් දිළින්දන්ට ධනය නො දුන්නේය. දිළින්දන්ට ධනය නො දෙනු ලබන කල්හි දිළිඳු බව විපුලත්වයට පැමිණියේ ය. දිළිඳු බව මහත් වැ ගිය කල්හි එක්තරා මිනිසෙක් අනුන් සතු නොදුන් දැයක් සොර සිතින් ගත්තේ ය. මනුෂ්‍යයෝ ද සොරා අල්ලා ගෙන රජුට භාර දුන් පසු කවර හේතුවක් නිසා නුඹ සොරකම් කළේදැයි රජු සොරා ගෙන් ඇසුවේය. දිළිඳුකම නිසා තමා එසේ කළ බව පැවසූ විට රජු ඔහුට ධනය දී අඹුදරුවන් පෝෂණය කොට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් පැන් පූජා කොට...

Read More

අවසන් මොහොතේ දෙව්ලොව ගිය සුනඛ වැද්දා-ආදර්ශවත් අටුවා කථා 15

​​සෝණගිරි පාදයෙහි අචෙලක විහාරයෙහි සෝණ නම් එක් තෙරුන් වහන්සේ නමක් වූයේය. තෙරුන් වහන්සේගේ පියා සුනඛ වැද්දෙක් විය. තෙරුන් වහන්සේ තම පියාණන් සංවරයෙහි පිහිටුවීමට අසමත් වූයේය. තම පියාණන් මහලු වූ කළ ඔහු පැවිදි කළේය. ගිලන් ව සයන ගත වූ මහලු හිමි නමට නිරය එළඹ සිටියේය. සෝණගිරි පාදයෙන් මහත් වූ සුනඛයින් පැමිණ පිරිවරා ගෙන තමන් ව අනුභව කරන්නාක් මෙන් සුනඛයෝ වැටහුණි. හෙතෙම මහත් සේ බිය වී “දරුව සෝණ! දරුව සෝණ! වලක්වන්න” යැයි කෑ ගැසීය. සෝණ තෙරුන් වහන්සේ මා වැන්නකුගේ පියා කෙසේ නම් නිරයේ උපදින්නේ දැයි සිතුවේය. සාමණේරයන් ලවා නොයෙක් පුෂ්පයන්ගෙන්වා චෛත්‍ය බෝධි අංගනවල, මල් ආසනයන්හි ද භූමියෙහි ද ඒවා අලංකාර අයුරින් තැන්පත්...

Read More

දෙවියන් පවා පහදවන ඇමදීම-ආදර්ශවත් අටුවා කථා 14

එක් ඉරකින් එක් සඳකින් අලෝකමත් වන එක් මනුෂ්‍ය ලෝකයක් වටා තිබෙන සුගතිය හා දුගතිය එක් ලෝක ධාතුවක් වශයෙන් හැදින්වේ. මෙහිලා සුගතිය තුල මනුෂ්‍ය ලෝකය ද ඇතුලත් ව දිව්‍ය ලෝක සය ද බ්‍රහ්ම ලෝක විස්ස ද ඇතුලත් වේ. දුගතිය යනු ප්‍රේත, තිරිසන්, අසුර නිකාය හා නිරය යන සතර අපාය වේ. එලෙස ම මෙම දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකයේ සිට පිළිවෙලින් යොදුන් 1500 බැගින් ඉහලට පිහිටා තිබේ. චාතුර්මහාරාජිකය, තව්තිසාව, යාමය, තුසිතය, නිම්මාණරතිය, පරනිම්මිත වසවර්තිය යනුයෙන් ඒවා පිළිබද විස්තර ධර්මයේ සඳහන් වේ. අපට ආසන්නම දිව්‍ය ලෝකය වන්නේ චාතුර්මහාරාජික දෙව් ලොවයි. එහි දිනක ආයුෂ මනුෂ්‍ය වර්ෂ වලින් වසර 50 කි. එවැනි දින 50 ක්...

Read More

‘කෙතරම් ඇසුවත් ධර්මය නොවැටහේ ද?’-ඒ සඳහා පුද්ගල ස්වභාවයේ බලපෑම

සම්බුදු පහස තෙවරක් ලැබ සුපරිසුද්ධත්වයට පත්වූ අප දේශය බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් විසිපහකට වඩා ඉක්මගොස් ඇති නමුදු නිරන්තරයෙන්ම බුදු බණ ඇසෙන වාසනාවන්ත භූමියකි. රූපවාහිනි සහ ගුවන්විදුලි නාලිකා කිහිපයකින් මෙන්ම පුවත්පත්, අන්තර්ජාලය ඇතුළු විවිධ මාධ්‍ය වලින් ජනතාවට දවස පුරා ධර්මලාභය නොඅඩුව ම ලැබේ. එසේ වුවද මේ පිලිබඳව කතාබහ කරන උදවිය “අවුරුද්දට දින 365ක් බණ කියන රටේ ඇයි ධර්මය පිළිපදින්නේ නැත්තේ ? ඇයි මේතරම් අපරාධ ? ”  යන චෝදනාව නිතරම ඉදිරිපත් වේ. මේ සඳහා හේතුවන කරුණු රාශියක් ඇත. ධර්මය අසන පුද්ගලයන් එම ධර්මය අසන ආකාරය සහ එම ධර්මය ශ්‍රවණයෙන් අනතුරුව කටයුතු කරන ආකාරයන්හි විවිධත්වය මීට බලපාන එක කරුණකි. පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණයෙහි ත්‍රික...

Read More