Month: April 2018

“දස්සනේන පහාතබ්බා” – භාවනා කිරීමෙන් සෝවාන් විය හැකි ද?

මෙය වර්තමානයේදී බෞද්ධයන් අතර නිතර කතාබහට ලක්වන මාතෘකාවකි. සෝවාන් වනුයේ බණ  ඇසීමෙනි, භාවනා කිරීමෙන් නොවේ යැයි එක් මතයකි. සෝවාන් වීමට බණ ඇසීමට අමතරව භාවනා කළ යුතු යැයි තවත් මතයකි. මෙම මත දරන පාර්ශව දෙක නොයෙක් විට දී තමාගේ මතය නිවැරදි යැයි සනාථ කිරීම්ට උත්සාහ දරති.  බණ අසා හෝ භාවනා කර සෝවාන් වූ පුද්ගලයන් පිළිබඳව ධර්මයේ සඳහන් වන උදාහරණ මොනවාද? මෙබඳු මතවාදයක් ඇති වූයේ කවර හේතු නිසාද? සෝවාන් වනුයේ භාවනා කිරීමෙන් ද බණ ඇසීමෙන් ද යන ප්‍රශ්නයට ධර්මානුකූල පිළිතුරක් සැපයීමට මෙම ලිපියෙන් අපේක්ෂා කෙරේ. අනන්ත සංසාරයේ කල්ප කෝටි ගණනක් ඒ මේ අත සැරිසරමින් දුක් විඳි පෘථග්ජන පුද්ගලයා පළමුවරට චතුරාර්ය සත්‍යය...

Read More

හැමදීමේ අනුසස් – ප්‍රිය උපදවන රූපයක් ලැබීම – ආදර්ශවත් අටුවා කථා

වත් පිළිවෙත් කිරිම භික්ෂු ජීවිතය හැඩ ගන්වා ගැනිමේ ප්‍රධාන මාර්ගයකි. ඒ අතුරින් ඇමදීම නිසා විශේෂ ආනිසංස රාශියක් ලැබේ. මෙවැනි කටයුත්තක යෙදීම නිසා අභය තෙරුන් වහන්සේට ද එක්තරා අමාත්‍ය පුත්‍රයෙකුටද එහි කුසල විපාක වශයෙන් දෙදෙනාම වඩාත් ප්‍රිය උපදවන ලෙස උපත ලැබීය. අභය තෙරුන් වහන්සේ ද අමාත්‍ය පුත්‍රයාද අතරින් වඩාත් පැහැදීම ඇති කරන පෙනුමක් ඇත්තේ කාහට දැයි පැනයක් උද්ගත විය.  දෙදෙනාම එකම ස්ථානයක දී බැලිය යුතු යැයි කතිකාවක් වීය. ඥාතීන් විසින් අමාත්‍ය පුත්‍රයා සරසවා වහා වහා චෛත්‍ය වන්දනා කිරීමට පිටත් කරනු ලැබීය. තෙරුන් වහන්සේ මව්තුමිය ද නව චීවරයක් කරවවා තෙරුන් වහන්සේට ලබා දුන්නේය. උන්වහන්සේ ද සිවුරු ගෙන භික්ෂු සංඝයා පිරිවරා මහා...

Read More

සම්බුද්ධ පරිනිර්වාණයෙන් ඇරඹෙන සාසන ඉතිහාසය -සසුනක වරුණ 02

බුදු සසුනේ ඉතිහාසය ඇරඹෙන්නේ සම්බුද්ධ පරිනිර්වාණයේ පටන් වේ. පන්සාලිස් වසරක් මුළුල්ලේ ලෝක සත්වයා සසර දුකින් එතෙර කරවීම උදෙසා අමාදම් ඔසු බෙදා දුන්, ලෝක සත්වයාගේ අවිදු අඳුරු දුරු කර ප්‍රඥා ආලෝකය දසත පතුර වාලූ ඒ ලෝකනාථයන් වහන්සේගේ අනුපාදිශේෂ පරිනිර්වාණය සසුන් ඉතිහාස පොතේ පළමු පිටුව වේ. එහෙයින් එතැනින් ඒ ‘සසුන වරුණ’ අරඹන්නට තබන පළමු පියවර මෙසේ සනිටුහන් කරන්නෙමු. සම්බුදු සසුන වසර පන්දහසක් කල් පවතින බවට බුද්ධ දේශනාවේ සඳහන් බවට ථෙරවාදි ත්‍රිපිටකය සාක්‍ෂි දරයි. ඒ පන්දහසක් වසර ශ්‍රී ලංකාද්විපයෙහි බුදු සසුද සුරැකෙන බවට බුදු මුවින්ම දෙසු බවටත්, ඒ සසුනෙහි භාරකාරිත්වය සක්දෙවිදුන් හට බුදුරජාණන් වහන්සේ විසින්ම භාරකළ බවටත් අපගේ ශ්‍රේෂඨතම ඉතිහාස වංශ කථාව...

Read More

තෑග්ගට සුදුසු වෙසක් සැරසිල්ල

අද බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සේක් නම් වෙසක් සැරසිලිකාරයන්ට කෙබඳු බණක් වදාරද් ද? සිංහල බෞද්ධයන් විසින් වර්ෂයක් පාසා වෙසක් උත්සව උත්කර්ෂවත් ලෙස පවත්වනු ලැබේ. ජාතික සාමායික දෙපසින්ම විශේෂ සිද්ධි රැසක් සිහියට නංවන වෙසක් දිනයෙහි උත්සව පැවැත්විය යුතුම ය. අප මේ ලිපිය ලියන්නේ වෙසක් ඉතිහාසය දැක්වීමට හෝ උත්සව කරුවන්ගේ උනන්දුව පණපෙවීමට නොවෙයි. දැන් පවත්වාගෙන යන වෙසක් උත්සවයේ අංගෝපාංග වශයෙන් තහවුරු වී පවත්නා විවිධ ක්‍රියා, උත්සව පරමාර්ථයට හොබින්නේ ද යනු සිහි ගැන්වීමට වෙසක් බෞද්ධයන් නවතා ගැනීම අපේ අදහසයි. වෙසක් කාලයට පමණක් බොදු පුබුදුව දක්වන පිරිසක් මට පෙනෙනා හෙයිනි, වෙසක් බෞද්ධයන් යයි සඳහන් කෙළේ. බලවත් පරිශ්‍රමයකින් මහත් වියදමකින් ඔබ කරන භක්ති පූජාව...

Read More

සංඛාර (සංස්කාර) ගැන ඔබේ දැනුම නිවැරදි ද? – සංඛාර පිලිබඳව වැරදි මත දුරුකරමු

සංඛාර (සංස්කාර) ගැන පහත විග්‍රහයට සවන්දෙන්න ———————————————————————– Download MP3 තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනය වූ කලී වේනෙය්‍ය සත්වයන් නිවනට පමුණුවාලන පරිද්දෙන් නොයෙක් නොයෙක් ධර්ම කොට්ඨාසයන් නොයෙක් අයුරින් බෙද බෙදා, නානා නය ක්‍රමයන්ගෙන් විසිතුරුව දේශනා කරන ලද්දකි. එහි දී ඇතැම් ධර්ම පර්යායක් එක් සන්දර්භයක් තුළ කියවෙන අර්ථය තවත් සන්දර්භයක දී වෙනස් විය හැකිය. එසේ අවස්ථානුරූපීව ධර්මයෙහි අර්ථ විමසීමේ දී ඒ ඒ සන්දර්භය පිළිබඳව ඇති තත්වාවබෝධය වැදගත් වේ. තථාගත භාෂිතයෙහි එන ඉතා වැදගත් ඉගැන්වීම් දෙකක් වන පටිච්චසමුප්පාදය සහ පඤ්චස්කන්ධ විභාගයෙහි දැක්වෙන “සංඛාර ” යන්න එසේ ඒ ඒ අවස්ථානුරූපීව අර්ථය වටහාගතයුතු වැදගත් ධර්ම කොට්ඨාසයක් වේ. “සංඛාර” පදයෙන් “අවිජ්ජා පච්ච්යා සංඛාරා” යන තැනදී කුසලාකුසල කර්මයන්...

Read More