Month: June 2018

සෝතාපත්ති ඵලයෙහි පිහිටි සුචිලෝම සහ ඛරලෝම යක්ෂයන් – සුචිලෝම සූත්‍රය

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ගයා ගම නුදුරෙහි ටඞ්කිතමඤ්චයෙහි වූ සුචිලෝම යක්ෂයාගේ භවනෙහි වැඩවසන සේක. ගයාව සමීපයේ පාෂාණ සතරක් මත්තෙහි පළල් වූ පාෂාණයක් නංවා කරන ලද පාෂාණමය ඇද ටඞ්කිතමඤ්චය නම් වේ. එය ඇසුරු කොටගෙන මෙම සුචිලෝම යක්ෂයාගේ භවනයද ආලවක යක්ෂයාගේ භවන මෙන් විය. භාග්‍යවතුන් වහන්සේ එදින මහා කරුණා සමාපත්තියෙන් නැගී සිට බුදුඇසින් ලොව බලා වදාරණ සේක් සුචිලෝම-ඛරලෝම යන යක්ෂයන් දෙදෙනාගේ සෝතාපත්ති ඵලයට ඇති උපනිශ්‍රය සම්පත් දැක පා සිවුරු ගෙන ඇතුළ් අරුණෙහිම නොයෙක් දිශාවන්ගෙන් රැස් වූවා වූ ජනයාගේ කෙල සොටු ආදී නොයෙක් අසුචියෙන් කිළිටි වූ ඒ ගයා තොටුපළ පෙදෙසට අවුත් ඒ ටඞ්කිතමඤ්චයෙහි වූ සුචිලෝම යක්ෂයාගේ භවනයෙහි වැඩ සිටි සේක. එසමයෙහි ඛර...

Read More

කථාසල්ලාපසික්ඛා හෙවත් පාළි කථා පුහුණුව

කථාසල්ලාපසික්ඛා හෙවත් පාළි කථා පුහුණුව​ සම්පාදකයන් වහන්සේ බුරුම ජාතික අග්ගමහා පණ්ඩිත අති ගෞරවාර්හ ජනකාභිවංසාභිධාන මහා නාහිමි. පරිවර්තනය – වලවේ සුමේධාලෝක හිමි Download as...

Read More

උපැවිදි වීමට තැත් දැරූ තිස්ස සාමණේරයන් වහන්සේ -ආදර්ශවත් අටුවා කථා

තිස්ස සාමණේරයන් වහන්සේ තම උපාධ්‍යායන් වහන්සේ සමඟ තිස්ස මහා විහාරයෙහි වාසය කළේය. සාමණේරයන් වහන්සේ ශාසනය කෙරෙහි තමන් කළකිරී ඇති බවත් උපැවිදි වීමට කැමති බවත් උපාධ්‍යායන් වහන්සේට දැන්වූවේය. උපාධ්‍යායන් වහන්සේ සාමණේරයන් වහන්සේ ශාසනයේ රඳවා ගැනීමට උපායක් කල්පනා කොට මෙම ස්ථානයේ පැන් පහසුවීමට ජලය දුලභ බව පවසා දෙදෙනාම චිත්තලපබ්බත විහාරයට වැඩියහ. එහිදී තෙරුන් වහන්සේ ශිෂ්‍ය නමට මෙසේ පැවසීය “මේ විහාරය සංඝික ය, මා හට පෞද්ගලික වාසස්ථානයක්  කරව”.  උපැවිදි වීම ගැන සිතමින් සිටියද ගුරුවරයාගේ ඉල්ලීම ඉවත නොදැමූ සාමණේරයන් වහන්සේ එහි වාසය කිරීම සඳහා පර්වතගුහාවක් පිරිසුදු කිරීමට අමතරව ගුරු උපදෙස් අනුව තවත් කාර්යයන් දෙකක් කළේය. එනම් මුල පටන් සංයුක්ත නිකාය පාඩම් කිරීමත්, තේජෝධාතු කසිණ ධ්‍යානය සඳහා පරිකර්ම කිරීමත්...

Read More

රත්තරන් ද? රත්තරන් වගේ ද? ධර්මය ද? ධර්මය වගේ ද?

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2500ට අධික කාලයක් ගෙවී ඇති මෙකල ටිකෙන් ටික පිරිසිදු ධර්ම-විනය අතුරුදන් වන කාලයයි. මිහිඳු මහරහතන්වහන්සේ විසින් බුද්ධ වර්ෂ 236දී ලක්දිවට රැගෙන එන ලද්දේ සංගායනාවට ලක්වූ සුපිරිසිදු ථෙරවාදී සද්ධර්මයයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කරන ලද ඒ පිරිසිදු ධර්මය කාලයත් සමඟ විවිධ  මතවාද මුසුවෙමින් දූෂණය වන්නට පටන් ගත් අතර ධර්ම වැනි වූ ‘සද්ධර්ම ප්‍රතිරූපක’ බිහිවීමෙන් සැදැහැවත් මහජනයා මුලාවට ලක් වෙමින් ටිකෙන් ටික පිරිසිදු සද්ධර්මය අතුරුදහන්වීම ඇරඹී ඇත. මෙය භාග්‍යවතුන්වහන්සේ බුදුඇසින් දැක අනාගතයේ ‘සද්ධර්ම ප්‍රතිරූපක’ බිහිවීමෙන් සද්ධර්මය අතුරුදහන් වන බව මහාකාශ්‍යප මහරහතන්වහන්සේ ඇසූ පැනයකට පිළිතුරු ලෙස සංයුක්ත නිකායේ කස්සප සංයුක්තයේ සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයේදී වදාළ සේක. භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර වැඩ...

Read More