Month: July 2018

‘මංගල’ බුදුන්ගෙන් තෙවන විවරණය ලද සුරුචි බ්‍රාහ්මණයාණෝ

ලෝකනාථ වූ කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ පිරිනිවී අසංඛ්‍ය කල්පයක් ඉක්ම ගිය පසු එක කල්පයක “මංගල, සුමන, රේවත, සෝභිත” යැයි බුදුවරු සිවුනමක් ලොව පහළ වූ සේක. උන්වහන්සේලාගෙන් ‘මංගල’ නම් බුදුරජාණන් වහන්සේ ‘උත්තර’ නම් නගරයෙහි ‘උත්තර’ නම් රජු නිසා ‘උත්තරා’ නම් මව් දේවියගේ කුසෙහි ඉපිද වැඩිවියට පැමිණි පසු ගිහිගෙය හැර දමා පැවිදිව ‘නා බෝධිමූලයේ දී’ සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. එම බුදුරජාණන් වහන්සේ ‘සුදේව, ධම්මසේන’ යැයි අගසව් දෙනමක්ද ‘පාලිත’ නම් උපස්ථායක තෙර නමක්ද ‘සිවලී, අශෝකා’ යැයි අග්‍රශ්‍රාවිකාවන් දෙනමක්ද ලබමින් අසූඅටරියන් උස බුදු සිරුරු ඇතිව වැඩ ඉන්නා වූ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ශ්‍රාවක සන්නිපාත තුනක් විය. එනම්, පළමු වර භික්ෂූන් වහන්සේලා කෝටි ලක්ෂයක්ද, දෙවන...

Read More

බුරුම විපස්සනා භාවනා කෘති

1) මහා සී විපස්සනා භාවනා ක්‍රමය විපස්සනා නයප්පකරණය පරිච්ඡේද I, II, III, IV, V, VI, VII, VIII, 5) විපස්සනාව පෙලගැස්ම, 6) මොක්පුර රන්දොර නිබ්බාන ගාමිණී පටිපදා

Read More

පූජ්‍ය ගල්ගමුවේ සාසනසිරි ස්වාමීන්වහන්සේ විසින් රචිත ග්‍රන්ථ 12 ක්

1. තිලොව අවධි කළ දසබල සිංහ නාදය, 2. නිවැරදි භෝජනය සහ දානය, 3. ශාසන පිළිවෙත, 4. කඨිනය, 5. මහා පුරුශ දේශනා 1 සහ 2, 7. ඉසිපතනේ මිගදායේ, 8. පිරිහුණු ගම, 9. ප්‍රඥා ලෝකය, 10. සක්මන, 11. සතරක ආකාරය දැනගනිමු, 12. සුගතිය සහ නිවනට මඟ

Read More