Month: November 2017

චක්‍රවර්ති සිංහනාද සූත්‍ර ධර්මදේශනය

චක්‍රවර්ති සිංහනාද සූත්‍ර ධර්මදේශනය අතිපූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ Download as PDF ධර්මදානය සඳහා අනුග්‍රහය හේරත් බණ්ඩාර මහතා දිමුතු මුද්‍රණාලය –...

Read More

පච්ච සහිත අය පැවිදි කළ හැකිද?

යම් පුරුෂයෙක්ගේ සිරුරෙහි පච්ච සලකුණු ඇති විට ඔහුව පැවිදි කළ හැකිද? උපසම්පදා කළ හැකිද? යනුවෙන් ඉදිරිපත් වී ඇති පැනයට ධර්ම-විනයානුකූලව විග්‍රහයක් ඉදිරිපත් කිරීම මෙහිලා අපේක්ෂිත වේ. “න භික්ඛවේ ලක්ඛණාහතෝ කතදණ්ඩකම්මෝ පබ්බාජේතබ්බෝ. යෝ පබ්බාජෙය්‍ය ආපත්ති දුක්කටස්ස” = “මහණෙනි, සලකුණු තැබූ, කරන ලද දඬුවම් ඇත්තේ පැවිදි නොකළ යුතුය. යමෙක් පැවිදි කරන්නේ නම් දුකුලා ඇවැත් වේ.” යැයි භාග්‍යවතුන් වහන්සේ පනවා වදාළ විනය ප්‍රඥප්තියක් විනයපිටකයෙහි, මහාවග්ගපාළි මහාඛන්ධකයෙහි එන්නේය. ඒ අනුව අතීතයේ රාජ අපරාධකරුවන් වූ ඇතැමුන්ට දඬුවම් ලෙස හංවඩු ගැසීම හෙවත් සලකුණක් තැබීම කරන ලදී. එවැනි වරදකට දඬුවමක් ලෙස හංවඩු ගසන ලද පුද්ගලයෙකු පැවිදි නොකළ යුතු වේ. එබඳු අයෙක් පැවිදි කරන්නේ නම් ඒ පැවිදි...

Read More