Month: May 2018

“ස්වාක්ඛාතො” – ත්‍රිපිටක ධර්මය නිවැරදිව තෙරුම් ගනුයේ කෙසේද?

හැඳින්වීම සර්වඥ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසරක් මුළුල්ලේ ලෝක සත්වයාගේ නිර්වාණ විමුක්තිය උදෙසා ධර්ම දේශනා කරමින් ලොවට දායාද කළ අති උත්තම දායාදය පරියත්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ සංඛ්‍යාත බුද්ධශාසනයයි. එහිලා ත්‍රිපිටක බුද්ධවචනය පරියත්ති ශාසනය ලෙස හැදින්වේ. ශීල-සමාධි-විපස්සනාවෝ, තෙලෙස් ධුතාංග, තුදුස් කඳුවත් යනාදිය ප්‍රතිපත්ති ශාසනය වන අතර සතර මගඵල නිවන ප්‍රතිවේධ ශාසනයයි. මෙහිලා සම්බුදු සසුනේ චිර පැවැත්ම සඳහා පර්යාප්තියම මූලික වන බව පැරණි ඇදුරෝ පැවසූහ. ‘පඤ්ඤවා භික්ඛු පරියත්තිං සුත්වා ද්වෙපි පූරෙති. තස්මා පරියත්තියා ඨිතාය සාසනං ඨිතං හොති’ යනුවෙන් ‘යම් කලෙක නැණවත් භික්ෂුවක් වෙයිද හෙතෙමේ පරියත්තිය උගෙන ප්‍රතිපත්ති-ප්‍රතිවේධයන් ද සාක්ෂාත් කරගන්නා බව’ පැවසේ. එබැවින් පර්යාප්තිය හෙවත් ත්‍රිපිටක බුද්ධ වචනය නිසි පරිදි උගෙන,...

Read More

සිතින් පරුෂ නොවූ මව්ගේ පරුෂ වචනය – ආදර්ශවත් අටුවා කථා 18

සිත, කය, වචනය නොහික්මීම හේතුවෙන් අකුසල්වීමට ඉඩකඩ සැලසේ. බොරු කීම, කේලාම් කීම, ඵරුස වචන කීම, හිස් වචන කීම වචනයෙන් වන අකුසල් වේ. ඒ අතරින් ඵරුස වචනය සිදුවන ආකාරය පිළිබඳ විමසා බැලිය යුතුය. එක් දරුවකු මවගේ වචනය නොසළකා  වනගත වීමට සැරසුණේය. මව තම දරුවා නො හැකිවන්නී  “සැඩ මී දෙනක් නුඹ ලුහුබඳීවා” යැයි මව ආක්‍රෝෂ කළාය. අකීකරු දරුවා වනයෙහි ගමන් කරන විට මීදෙනෙක් පෙනී සිටියාය. දරුවා බිය වී පිහිටක් සෙවූ නමුත් දැඩි අසරණභාවයකට පත් විය. “ මව විසින් මා හට යමක් මුවින් කීවාද එය සිදු නොවේවා….!!! මව විසින් සැබෑ ලෙසම සිතින් යමක් සිතුවේද එය වේවා….!!! ” යැයි දරුවා සත්‍යක්‍රියා කළේය. එම සත්‍ය ක්‍රියාවේ බලයෙන්...

Read More

අනත්ත ද? අනත්ථ ද? අනාත්මය යනු මිථ්‍යාදෘෂ්ටියක් ද?

සංස්කාර ‍ලෝකයෙහි තණ්හා දෘෂ්ටි වශයෙන් බැසගත් සත්වයෝ සංස්කාරයන්ගේ යථා ස්වභාවය වටහා ගත නොහී තෙර නොපෙනෙන සසරෙහි සතර අපාදුක් විඳිමින් අනේක සෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්ගෙන් පෙළෙමින් සැරිසරන්නාහ. ස්කන්ධ සංඛ්‍යාත ලෝකයේ අනිත්‍ය දුක්ඛභාවය දක්නා වූ අන් තොටුවෝද ඉන් මිදෙනු රිසිව නොයෙක් මාර්ග දක්වන්නාහ. නමුදු ඒ කිසිවක් පරම නිෂ්ඨාව වූ නිර්වාණය නොවීය. පුරන ලද පාරමීදම් ඇති මහා බෝධිසත්ත්වයෝ ම මාරවිජය කොට උතුම් ලොව්තුරා බුද්ධත්වයට පැමිණ එකී පරම නිර්වාණයත් නිර්වාණගාමී ප්‍රතිපදාවත් දේශනා කොට ලෝ සතුන් නිවන් පුර හැරලන්නාහ. ඒ නිර්වාණගාමී ආර්ය අෂ්ඨාංගික මාර්ග ප්‍රතිපදාවෙහි ප්‍රඥා ස්කන්ධය පූරණය කරමින් වඩන්නාවූ විපස්සනා භාවනාවේදී සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධ වන්නේය. සියලු සංස්කාරයන්ගේ පොදු ලක්ෂණත්‍රය වන්නේ “අනිච්ච...

Read More

දීපංකර බුදු පාමුල විවරණ ලැබූ සුමේධ තාපසයාණෝ

තුන් ලොවම එළිය කරන්නා වූ ශ්‍රේෂ්ඨතම හිරු මඬල නම් වූ අපගේ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට මත්තෙහි දඹදිව අමරාවතී නම් නුවර උභය කුල පාරිශුද්ධව බමුණු මහසාල් කුලයෙහි ‘සුමේධ’ නමින් උපත ලැබීය. එතුමන් මහත් ධනයකට හිමිකම් ඇති හෙයින් දර්ශනීය පොකුණු ආදියෙන් සමන්විත වූ ප්‍රාසාදයක කල් ගෙවීය. අන්‍ය කර්මාන්තයක් නොකොට බමුණු ශිල්පයම හැදෑරූ එතුමන් වහන්සේ ත්‍රිවේදය, ලක්ෂණ ශාස්ත්‍රය, ඉතිහාසය ආදී බොහෝ ශාස්ත්‍රයන්හි පරතෙරට ම ඉගෙන ගත්තේය. තරුණ කාලයේදීම මෙම කුමාරයාගේ මව්පියන් කළුරිය කළාහුය. එහෙයින් දිනක් ධනය රැස් කරන අයකැමි ඇමති තෙම අයපොත ගෙන ගබඩාව හැර රන්, රිදී, මුතු, මැණික් ආදී මහාධනස්කන්ධය පෙන්වා මෙය නුඹගේ මවගේ ධනය, මේ පියාගේ...

Read More
  • 1
  • 2