Month: August 2018

සසරක තතු – අට්‌ඨිපුඤ්‌ජ සූත්‍රය

හැල්මේ දුවන අපගේ එදිනෙදා ජීවිත දෙසට එක් මොහොතක් හෝ එබී බලා තිබේද? උපන් දා පටන් කවර මොහොතක හෝ මේ ජීවිත කතාව නිමාවන තෙක්, අතරක් නෑර හටගනිමින් නැතිව යන සිතිවිලි සමුදායක නිමග්න වී සසර මං මුලාවකට පත්ව ඇති බවක් නොහැගුන බව නම් සත්‍යකි.මෙළොව එළිය දකින මොනයම් සත්වයකු හෝ වේවා, මෙළොවට පැමිණි මොහොතේ පටන් ආත්ම දෘෂ්ට්යෙන් යුතුව හිස් වූ ලෝකයක් ග්‍රහණය කරගන්නා අයුරු එයින් මිදුණා වූ උත්තමයකුට හැර පුහුදුන් මනසකට නොවැටහෙන කාරණකි. මනුෂ්‍යන් වශයෙන් ගත් කළ අප අපගේ ජීවිතය හා බද්ධව පවතින අචේතනික වස්තු සම්භාරයන් හා අපගේ ඇටමිදුළු දක්වා කාවැදී පවතින දෙමාපිය, දූ දරු   ඥාතී ආදී සම්බධතා මමායනය කිරීමටත් ඒවා රැක...

Read More

බුද්ධ වචනය විවරණයෙහිලා ථෙරවාදී අර්ථකථාවෙහි කාර්යභාරය

ක්‍රි. පූ. 6වන සියවස වූකලී ලොව පුරා නොයෙකුත් දාර්ශනික මතවාදයන් බිහිවෙමින් පැවති පුනරුද යුගයක් වූ අතර එකල දඹදිව්තලයෙහි පහළව ලෝක සත්වයා හට ඓහලෞකික සේම පාරලෞකික අභිමතාර්ථයක් උදෙසා දහම් දේශනා කරන ලද සම්මා සම්බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසරක් මුළුල්ලේ වදාළ රස වශයෙන් එකම විමුක්ති රසයක් ඇති, ධර්ම විනය වශයෙන් දෙවැදෑරුම් වූ, විනය-සූත්‍ර-අභිධර්ම වශයෙන් ත්‍රිපිටකයෙක්හිලා සංගෘහිත වූ බැවින් ත්‍රිපිටකය යන නම් ලද්දා වූ, නිකාය විසින් දීඝනිකායාදී පස් වැදෑරුම් වූ, සූත්‍ර, ගෙය්‍ය ආදී නවාංග ශාස්තෲ ශාසනයක් වූ, ධර්මස්කන්ධ විසින් අසූහාරදහසක් වූ [1] ඒ ත්‍රිපිටක ධර්මය පර්යාප්ති ශාසනය ලෙස හැදින්වේ [2]. මෙම පර්යාප්ති ධර්මය වනාහී පෙළ අර්ථකථා වශයෙන් දෙවෑදෑරුම් වන අතර එහිලා භාග්‍යවතුන් වහන්සේ...

Read More

සෝභිත බුද්ධවංශ වර්ණනාව – සවැනි විවරණය

රේවත සර්වඥයන් වහන්සේ පිරිනිවී ඒ බුද්ධ ශාසනයද අතුරුදන් වූ කල්හි ‘සෝභිත’ නම් බෝධිසත්ත්වයන් වහන්සේ සාරාසංඛ්‍යකල්ප ලක්ෂයක් පාරමී පුරා තුසිත දෙව්ලොව ඉපිද එහි යම් තාක් ආයුෂ වේද ඒ තාක් දිව්‍ය සම්පත් විඳ දේවතාරාධනයෙන් දෙව්‍ලොවින් නික්මී සුධම්ම නගරයෙහි සුධම්ම රජුගේ අගබිසව වූ සුධම්මා නම් දේවියගේ කුසෙහි පිළිසිඳගෙන දසමසක් ඇවෑමෙන් සුධම්ම උයනේදී වළාගැබින් මිදී බැබළෙන පූර්ණ චන්ද්‍රයා මෙන් මවුකුසින් නික්මුණු සේක. උන්වහන්සේ වසර දසදහසක් ගිහිගෙයි වාසය කරනුයේ සැත්තෑදහසක් නාටක ස්ත්‍රීන් හට අග්‍ර වූ මඛිලා දේවිය නම් අගමෙහෙසිය කුසින් ‘සීහකුමරු’ උපන්දා සතර පෙරනිමිති දැකීමෙන් සංවේග ප්‍රාප්තව සිටි බෝධිසත්ත්වයන් වහන්සේ රජ මාළිගයෙහිම පැවිදිව එහිම ආනාපානසති සමාධිය භාවිත කරමින් දැහැන් සතරම උපදවා සත්දිනක් ප්‍රධන් වීර්යය...

Read More

මහ බෝසත් අතිදේව බ්‍රාහ්මණයාණෝ – පස්වෙනි විවරණය

සුමන බුදුරජාණන් වහන්සේ පිරිනිවී බුද්ධාන්තරයක් ගෙවුණු පසු ලෝකයෙහි ‘ රේවත’ බුදුරජාණන් වහන්සේ පහළ වූ සේක. උන්වහන්සේගේ පියතුමන් වූයේ ධඤ්ඤවතී නුවර විපුල නම් රජුය‍. මව්තුමිය විපුලා නම් දේවියයි. සියලු සම්පත් හැර දමා මහභිනික්මන් කොට නා බෝධියට පිටදී ලොවතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වුණු  එම රේවත සර්වඥයන් වහන්සේට ද ශ්‍රාවක සන්නිපාත තුනක් වීය. පළමු ශ්‍රාවක සන්නිපාතයේ දී රැස්  වූ භික්ෂු පිරිසේ ගණන පිරිසිඳ කිව නොහැක. දෙවන සන්නිපාතයේදී සංඝයා  කෝටි ලක්ෂයක් වූ අතර තෙවන සන්නිපාතයේහි ද එපමණක්ම වීය. එකල්හී අප මහා බෝධිසත්වයන්  වහන්සේ  ‘අතිදේව’ නම් බ්‍රාහ්මණයෙකුව ඉපිද භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාව අසා සරණ ශීලයෙහි පිහිටා ඒ ශාස්තෲන් වහන්සේගේ කෙළෙස් ප්‍රහාණයේ ගුණ කියා තනිපට සිවුරක්...

Read More