Month: September 2018

ඔබගේ දැක්ම නිවැරදි ද?

නියත මිත්‍යාදෘෂ්ටිය තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ විසින් තුන් ලෝ වැසි මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්මාදී වූ මුළු මහත් සත්ව ප්‍රජාව වෙත දේශනා කොට වදාළා වූ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්මය වනාහි අර්ථ සහිතය ය. ව්‍යඤ්ජන සහිතය ය. හාත්පසින් ම සර්ව සම්පූර්ණය ය. (සාත්ථං සබ්‍යඤ්ජනං කේවල පරිපුණ්ණං) නිර්වාණධාතුව කෙළවර කොට ඇති සාසන බ්‍රහ්මචර්යාව ප්‍රකාශිතය. ඒ සද්ධර්මය ඇතුළත් වූ පර්‍ය්‍යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ සාසනයෝ දියුණු තියුණු කර ගැනීම සාසනයා ගේ දියුණුව යි. වැඩීම යි. විපුලත්වය යි. ඒ උතුම් දියුණු උදෙසා ප්‍රතිපත්ති පූරණය කරන පුද්ගලයා තුළ පළමු කොට ම පහළ කරගතයුතු වූ ප්‍රධානතම ගුණධර්මය නම් තමා ගේ දෘෂ්ටිය පිරිසිදු කර ගැනීම යි. ‘කම්මස්සකතා සම්මාදිට්ඨිය’ට පැමිණීම යි. නාස්තික, අහේතුක, අකිරිය නම් වූ නියත...

Read More

ධජග්ග සූත්‍රය – අතිපූජනීය නා උයනේ අරියධම්ම මහනාහිමි අනුස්මරණ ධර්මදේශනාව

පූජනීය ගලේවෙල ඤාණදස්සන ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුණු ධර්මදේශනාව....

Read More

අනෝමදස්සී බුදු රදුන්ගෙන් විවරණලත් යක් සෙනෙවි – සත්වැනි විවරණය

සෝභිත බුදු රජාණන් වහන්සේ පිරිනිවී එක් අසංඛ්‍යයක් කල් ගෙවන තුරු ලොවට එකදු සර්වඥයන් වහන්සේ නමක්වත් පහළ නොවී බුද්ධ ශූන්‍ය කාලයක් විය. අනතුරුව එක් අසංඛ්‍යයකට පසු, අඳුරු තිමිර පට විනිවිද ලෝකය ආලෝකමත් කරමින් ලොවට සූර්‍යා උදාවන්නාක් මෙන් එක කල්පයක් තුළ “අනෝමදස්සී, පදුම, නාරද” යැයි ලොවුතුරා බුදුවරු තුන්නමක්ම ලොවට පහළ වූ සේක.                                        ඒ තුන් බුදුවරුන් අතරින් අනෝමදස්සී බුදු රජාණන් වහන්සේ වනාහි සොළොසාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම්දම් පුරා තුසිත දෙව්ලොව ඉපිද දිව්‍ය සම්පත් විදිමින් සිටිනුයේ දෙවියන් විසින් කරන ලද ආරාධනයෙන් මනුලොව චන්ද්‍රවතී නම් රාජධානියෙහි යසවා...

Read More

දෙවියන්ගේ ආශිර්වාදය නිවැරදිව ලබා ගන්නේ කෙසේද?

තුන් ලොවක්  මෙත් සිතින් සනසා වදාල බුදු රජාණන්වහන්සේ පන්සාලිස් වසක් සදහම් අමා සිසිලස බෙදා පිරිනිවී වැඩි සේක. එලෙස පිරිනිවීමට මත්තෙන් දෙසූ දම් අසා සැනසුණු හා සැනසෙණ පිරිස අපමණය. එබඳු සැනසීමට පත් පාටලී ගම් වැසියන්ට පැවැත්වූ දේශනය මෙසේ දැන ගනිමු. ලෝක නායකයන් වහන්සේ තම අවසන් කාලවකවානුව ගත කරන සමයේ රජගහනුවරටත් නාලන්දාවටත් වැඩ ඉන්පසු පාටලී  ග්‍රාමයට ද වැඩම කළ සේක. ඒ බව දත් පළොල්  ගම්වැසි උපාසකයෝ “අපට මහත් ලාභයකි, භාග්‍යවතුන් වහන්සේ අප ගම් පියසට වැඩම කොට ඇත. ඉන් අප මහත් පින් රැස් කරගනිමු”යි සිතූහ. සියල්ලෝ මන්ත්‍රණය කොට “අප ආවාස පිළිගනීවා”යි බුදු රජාණන්වහන්සේට ඇරයුම් කළහ. ඇරයුම පිළිගත් බුදු රජාණන්වහන්සේ ගම්වැසි උපාසකයන්ගේ ආවාස...

Read More