Month: November 2018

අටුවා විමර්ශනය 05 – බුද්ධඝෝෂ හිමි අටුවාවේ සිදුකළ වෙනස්කම්

භදන්තාචරිය බුද්ධ‍ඝෝෂ හිමියන් හෙළ අටුවා මාගධී භාෂාවට පරිවර්තනය කළ බවත්, එහි දී භාවිතා කරන ලද මූලාශ්‍ර ග්‍රන්ථ පිළිබඳවත් පසුගිය ලිපියෙන් දක්වන ලදී. ඒ අනුව උන්වහන්සේ හෙළ අටුවාව වෙනස් නොකළ අතර සියලු මූලාශ්‍ර ග්‍රන්ථ පරිශීලනය කරමින් පෙළ දහම නොම ඉක්මවමින් පසුකාලීන භික්ෂූන්ගේ පහසුව පිණිස එක් අර්ථකථාවක් ලෙස රචනා කරන ලදී. එසේ හෙළ අටුවා ග්‍රන්ථ සියල්ල සමෝධානය කරමින් එක් අටුවාවක් සම්පාදනය කිරීමේ දී බුද්ධඝෝෂාචාර්යපාදයෝ එවකට පැවති හෙළ අටුවාවේ පැවති ප්‍රමාද ලේඛන දෝෂ නිවැරදි කළහ. අවශ්‍ය අවස්ථාවලදී එවකට පැවති ථෙරවාද, ඉතිහාස කථා ප්‍රවෘත්ති ආදිය එක් කළහ. එසේ සිදු කිරීමෙන් අටුවාව වෙනස් කිරීමක් සිදු නොවූ අතර ඒ සංස්කරණයන් පිළිබඳ වැඩි දුර තොරතුරු මෙම...

Read More

නිවන්මඟ යෑමට නිවැරදිව ‘නිවන’ හඳුනාගනිමු!

එක් සමයෙක් හි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ රජගහ නුවර ලෙහෙනුන්ට අභය දුන් හෙයින් ‘කලන්දක නිවාප’ නම් වූ ද හුණ ගසින් හෙබි හෙයින් ‘වේළුවන’ නම් වූ ද මගධේෂ්වර සේනා ඇති බිම්සර රජු විසින් කරවන ලද විහාරයෙහි වැඩ වාසය කරන සේක. එකල බිම්සර රජුට උපස්ථාන කරන්නා වූ විසාඛ නම් එක් සිටුවරයෙක් ද රජගහ නුවර විසීය.  භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අභිසම්බෝධියට පත්ව තුන් බෑ ජටිලයන් දමනය කොට දහසක් බික් සඟන පිරිවරා ප්‍රථම වරට රජගහ නුවරට වැඩම කොට දොළොස් දහසක් පිරිවර සමග පැමිණි බිම්සර රජුට අමාදම් වැසි වස්වා වදාළ සේක. එහිදී පැමිණි පිරිසෙයින් එකොළොස් දහසක් උතුම් සෝවාන් ඵලයෙහි පිහිටියහ.  දහසක් උපාසක බැව් ප්‍රකාශ කළහ.  ඒ සෝවාන් මගින් ආර්ය...

Read More
  • 1
  • 2