Month: January 2019

ආදාහන පූජ්‍යෝත්සවය – සසුනක වරුණ 04

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑමත් සමගම ඒ දුක දරාගත නොහැකිව වැළපෙන්නාක් මෙන් මහපොළොව කම්පා විය. සහම්පති මහා බ්‍රහ්ම රාජයා එතැනට විත් ගාථාවක් ගැයීය. එසේම සක් දෙවිඳුන්ද ගාථාවක් ගැයීය. ආයුෂ්මත් අනුරුද්ධ මහරහතන් වහන්සේ ද, ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝද ගාථා වදාළහ. පහ නොවූ රාග ඇති, පෘථග්ජන, සෝතාපන්න හා සකදාගාමී මගපල ලාභී ඇතැම් භික්ෂූහු ‘භාග්‍යවතුන් වහන්සේ ඉක්මනින්ම පිරිනිවියේ’යැයි හඬන්නට වූහ. පහ කළ රාග ඇති අරිහත් උතුමෝ සංස්කාරයන්ගේ අනිත්‍යත්වය මෙනෙහි කරමින් නොසැලී සිටියහ. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ මහරහතන් වහන්සේ සෙසු භික්ෂූන් හට දැහැමි කථා කොට අසුවසාලූහ. අනතුරුව රාත්‍රී සෙසු භාගය මරණ ප්‍රතිසංයුක්ත දැහැමි කථාවෙන් කල් ගෙවූ අතර අරුණු උදා වූ පසු ආනන්ද මාහිමිපාණන් වහන්සේ කුසිනාරා නුවර...

Read More

අටුවා විමර්ශනය 07 – අටුවාව බුද්ධ දේශනයක් බව අටුවාවෙහිම පැවසූහ…

පෘථග්ජන වූ නමුත් බුදුගොස් ඇදුරුපාණන් විසින් කරන ලද අර්ථකථාව පිළිගත යුත්තේ  කවරහෙයකින් ද යන්න පසුගිය ලිපියෙන් පැහැදිලි කරන ලදී. මීළගට මෙම අටුවාව පිළිබද චෝදනා මුඛයෙන් කථා කරන බොහෝ දෙනා ඉදිරිපත් කරන කරුණක් වන්නේ ‘ආචරියවාදො නාම අට්ඨකථා’ යනුවෙන් දීඝනිකායට්ඨකථාවේ එන පාඨය අනුව අර්ථකථාව බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක ධර්මදේශනය නොවේ යැයි සහ අටුවාචාරීහු ද එබඳු සඳහනක් කර නොමැති බැවින් අටුවාව ප්‍රකීර්ණක ධර්මදේශනය විය නොහැකි බවයි. ඒ අනුව මෙම ආචරියවාද කථාව පිළිබඳ ධර්මානුකූල විග්‍රහය මෙසේ සුධීන්ගේ දැනගැනීම පිණිස දක්වන්නෙමු. මේ පිළිබඳ නිරාකූල අවබෝධයක් අපේක්ෂා කරන්නවුන් විසින් පළමුකොට ම චතුර්විධ විනය විනිශ්චය පිළිබඳ දතයුතු වේ. විනය පිටකයෙහි බුදුරජාණන් වහන්සේ සතරමහාපදේස පිළිබඳ දේශනාවක් සිදු කරන...

Read More