Month: March 2019

පංචුපාදානස්කන්ධය‍ෙන් අතමිදීමට – මහා පුණ්ණම සූත්‍රය

මෙකල පංචුපාදානස්කන්ධය යන්න විවිධ ආකාරයට අර්ථකථනය කරන්නෝ සිටිති. කුමන අර්ථයක් නිවැරදිද යන්න බෞද්ධයන්ට ඇති ගැටළුවකි.  එබැවින් ශ්‍රී මුඛ බුද්ධ දේශනාවට අනුව පංචුපාදානස්කන්ධය යනු කුමක්ද? එයින් අතමිදෙන ක්‍රියා පිළිවෙළ කුමක්ද ? යන්න හඳුනා ගැනීමට මජ්ඣිම නිකායේ මහා පුණ්ණම සූත්‍රය ඇසුරින් සකස් කරන ලද ලිපි එකතුවක් මෙලෙස දිග හැරේ. පටුන 1. පංචස්කන්ධය, පංචුපාදානස්කන්ධය හා අනුපාදානීය ස්කන්ධ           Download as PDF 2. පංචුපාදානස්කන්ධය හට ගැනීමට හේතු           Download as PDF 3. ස්කන්ධයන් අරඹයා උපදින සක්කාය දිට්ඨිය          Download as PDF     (‌‌‌මෙම ලිපි සඳහා පිවිසීමට link එක භාවිතා කරන්න)  Download the booklet 1. පංචස්කන්ධය,පංචුපාදානස්කන්ධය...

Read More

අටුවා විමර්ශනය 9 – අටුවාවන්හි නොගැලපෙන තැන් ඇති වූයේ කෙසේ ද?

අර්ථකථාව යනු කුමක් ද? යන්න පිළිබඳව සහ එය බුද්ධ දේශනයක් වන්නේ කෙසේ ද? යන්න පිළිබඳව ද, වර්තමානයේ ඇති අටුවාව පිළිගත යුත්තේ කවර හෙයකින්ද යන්න ද ඉහත ලිපි වලින් අනාවරණය කළෙමු. එසේ පැවතිය දී වර්තමානයේ ඇති අටුවාවන්හි ඇති නොයෙක් දොස් ගෙනහැර දක්වමින් අර්ථකථාව බුද්ධ දේශනයනක් නොවන බව පුන පුනා පැවසීමට අධර්මවාදීහු උත්සාහ ගනිති. ඒ අතර අටුවාවන්හි නොයෙක් නොගැලපෙන තැන් ඉදිරිපත් කරමින් ඒ නිසාවෙන්ම අටුවාව ප්‍රකීර්ණක දේශනාව විය නොහැකි බව දැඩි සේ පැවසුවෝ පොල්වත්තේ බුද්ධදත්ත හිමියෝ ය. උන්වහන්සේ සිය අටුවා පරීක්ෂණය ග්‍රන්ථයේ ඒ පිළිබඳ බොහෝ විස්තර ඉදිරිපත් කරමින් අටුවාව බුද්ධදේශනය නොවන බව පවසති. එසේ පැවසෙන අටුවාවන්හි පැනෙන නොයෙක් පරස්පර තැන් පිළිබඳ...

Read More
  • 1
  • 2