Month: May 2019

සීලවන්තයන් දැකීම ප්‍රිය උපදවයි – ආදර්ශවත් අටුවා කථා 20

ශාසනයෙහි පැවිදි වූ කුලපුත්‍රයන්ට සීලය හැර අන් පිහිටක් නැත. ඒ සීලයෙහි අනුසස් කවරෙකුට හෝ කීමට නොහැක. සියලු ලෞකික ලෝකෝත්තර ගුණයන්ගේ මූලය සීලයම වෙයි. එබැවින් එහි වටිනාකම මෙපමණකැයි කිව නොහැක. මෙවැනි සිල්වතුන් දැකීමට ලැබෙන්නේද ඉතාම කලාතුරකිනි. සමහර විට යොදුන් සියගණන් ඈත ප්‍රදේශවලට ගොස් මෙම සිල්වතුන්ගේ ආශ්‍රය ලබා ගැනීමට සිදු වන්නේය. මෙලෙස කාළවල්ලිමණ්ඩපවාසීමහානාග තෙරුන් වහන්සේගේ ගුණ කථනය අසා පාටලීපුත්ත නගර ද්වාර සාලාවෙහි හුන්නා වූ බ්‍රාහ්මණයෝ දෙදෙනෙක් ‌තෙරුන් වහන්සේ දැකීමට යායුතු යැයි නික්මුණහ. අවාසනාවකට එක් අයෙක් අතර මඟදී කළුරිය කළේය. ඉතිරි වූ අනෙක් බ්‍රාහ්මණ තුමා සමුද්‍ර තීරයට පැමිණ සමුද්‍රය තරණය කොට ලංකා  දීපයට පැමිණ මහාතිත්ථ පටුනෙන් ගොඩබැස අනුරාධපුර ග්‍රාමයට පැමිණ කාළවල්ලිමණ්ඩපය කොහේදැයි...

Read More

වසර පන්දහසකට පසු බුදු සසුන (අර්ථකථා ටීකාගත මත විමසුම)

ගෞතම බුද්ධ ශාසනයේ අන්තර්ධානය පිළිබඳ ව ඇති මත භේදය වනාහි ඉතා පැරණිය. මාතලේ අලු ලෙන්හි ත්‍රිපිටක අට්ඨකථා සංඛ්‍යාත පර්යප්ති ධර්මය ග්‍රන්ථාරූඩ කරන සමය වන විට ද මේ මත භේද පැවතිණි. එක් එක් භාණක පරම්පරාවලින් රැගෙන ආ මතයන්හි පැවති පරස්පරතාවය ඊට හේතුවය. මෙසේ ශාසන අන්තර්ධානය පිළිබඳ අට්ඨකථා ටීකා ගත මත, විමසුමට ලක් කිරීම හා එය ශාසන ප්‍රතිපදාවට බලපාන්නේද, යන්න පිළිබඳව මෙම ලිපියෙන් විමසනු ඇත. මෙහිදී පිළිවෙළින් අංගුත්තර නිකායෙහි අට්ඨකථාවෙහි හා තදායත්ත ටීකාවෙහිත්, චුල්ලවග්ග පාළි අට්ඨ කථාවෙහි හා විමති විනෝදනීය විනය ටීකාවේත්, දීඝනිකාය අට්ඨකථාවෙහිත්, සංයුක්ත නිකාය අට්ඨකථාව හා තදායත්ත ටීකාවෙහිත් මත, දක්වන ලද පිළිවෙළින් විමසුමට ලක් කෙරෙනු ඇත. අංගුත්තර නිකායට්ඨකථා වස්‌සසහස්‌සන්‌ති...

Read More

සුමේධ බුදුන්ට මහ දන් පිදූ උත්තර මානවක – එකොළොස්වන විවරණය

අංගීරස වූ පදුමුත්තර සර්වඥයන් වහන්සේ වසර ලක්ෂයක් ආයු වළඳා පිරිනිවුණු පසු ලොවට අතිදීර්ඝ අඳුරු යුගයක් උදාවිය. එනම් පියමතුරා බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු කල්ප සැත්තෑ ලක්ෂයක් බුද්ධ ශූන්‍ය ව පැවතිණ. කාලයත් සමග එම අතිදීර්ඝ බුද්ධ ශුන්‍ය කල්ප සැත්තෑ ලක්ෂය ගෙවුණු නමුත් එතැන් පටන් කල්ප තිහක් යනතුරුත් ලෝකයේ එකදු බුදු කෙනෙක් වත් පහළ නො වූහ. එකී කල්ප තිහකට පසු එක කල්පයක් තුළ ‘සුමේධ, සුජාත’ යයි සර්වඥයන් වහන්සේලා දෙනමක් පහළ වූ සේක. ප්‍රඥාධික වූ සුමේධ බෝධිසත්වයන් වහන්සේ බුද්ධ කාරක ධර්ම සපුරා තුසිතපුර ඉපිද දිව්‍ය සම්පත් විඳ එයින් නික්මී සුදර්ශන නගරයේ රජ කල සුදත්ත රජු ගේ අග්‍ර මහේෂිකාව වූ සුදත්තා නම් දේවියගේ කුසෙහි...

Read More

ලක්දිවැ මුල් ම ජනයා

ලක්දිවැ සිදු කෙරී ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුවැ ප්‍රාග් ඓතිහාසික කාල පරිච්ඡේදයේ දී, එනම් දැනට විද්‍යාමන පැරණිත මැ ලිඛිත ඉතිහාසයට පූර්ව යුගයේ දී ලක්දිවැ වුසූ ප්‍රාග් ඓතිහාසික මානවයින් පිළිබඳ වැ යම් යම් තොරතුරු මේ වන විටැ පුරාවිද්‍යා පර්යේෂණ ඔස්සේ අනාවරණය වී ඇත. බෙල්ලන්බැඳිපැලැස්ස වැනි ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා භූමි තුළින් ලැබී ඇති ශේෂ මෙහි දී සුවිශේෂී වෙයි. ලක්දිවැ දැනට හමු වී ඇති පැරණිත මැ මානව අවශේෂ ඔස්සේ එකලැ ඔවුන් ගේ ස්වරූපය සම්බන්ධයෙන් යම් යම් අවබෝධයක් ලබා ගැනීමට පුරාවිද්‍යාඥයින් සමත් වී තිබේ. අප බලන්ගොඩ මානවයා යැයි හඳුන්වනු ලබන ආදි මැ මානවයා මෙහි දී සුවිශේෂී වැදගත්කමක් අත්පත් කැරැ ගනී. ඔහු ‍‍ගේ ස්වභාවය පිළිබඳ...

Read More