Month: June 2019

ස්ත්‍රියක නිසා උමතු වූ තෙරුන් වහන්සේ – ආදර්ශවත් අටුවා කථා 21

පැවිද්දන්ට ඉතාමත්ම හිතවත්, ඉතාම උපකාර පිරිස වන්නේ උපාසිකාවන්ය. මනාසේ පැවිද්ද සිදුකිරීමට ඔවුන්ගෙන් ලැබෙන උපකාරය මහත්ය. පැවිද්දන්ගේ විනාශයටද නොයෙක් විට හේතු වන්නේ ස්ත්‍රීන්මය. මේ සසුනෙහි ස්ත්‍රීන් නිසා විනාශයට පත් පැවිද්දෝ බොහෝ ය. මහා දාඨිකනාග රජු චෙතියගිරි අම්බලස්ථලයෙහි මහා ස්ථූපයක් කරවවා ගිරිභාණ්ඩ පූජාවක් සිදුකර කාලයෙන් කාලයට අන්තඃපුර ස්ත්‍රීන් පිරිවරා චේතියගිරියට ගොස් භික්ෂු සංඝයාට මහා දන් දෙන්නේය. රජතුමාට දමිළ දේවිය නම් දර්ශනීය පැහැදීම් එළවන සුළු තරුණ රජ මෙහෙසියක් සිටි‌යේය. තවද බොහෝ දෙනා රැස්වන ස්ථානයන්හි නම් මැනවින් සිහිය පිහිටුවා ගැනීමට දුෂ්කරය. මෙසේ රජතුමා ඇතුලු අන්තඃපුර ස්ත්‍රීන් රැස්වන ස්ථානයට පැමිණි චිත්ත නම් මහළු කළ පැවිදි වූ හිමි නමක් ඉන්ද්‍රියය අසංවරයෙන් යුක්තව හැසිරෙන කල්හි රජුගේ...

Read More

ආයතන දොළොසක අනවබෝධය – මධුපිණ්ඩික සූත්‍රය

වර්තමානයේ  බොහෝ ධර්ම දේශකයන් වහන්සේලා තථාගත බුදු රජාණන්වහන්සේගේ ධර්මය ලොවට බෙදාදීමේදී බහුල වශයෙන් දේශනා කරන සූත්‍රයකි මධුපිණ්ඩික සූත්‍රය.  ධර්මකාමී බොහෝ දෙනාගේ අභිවෘද්ධිය උදෙසා අපගේ ශක්ති ප්‍රමාණයෙන් එම සූත්‍රය විවරණය කරන්නෙමු. මෙම ලිපි ‌පෙළ පූජ්‍ය කඩුවෙල අතුලඤාණ හිමි විසින් සම්පාදනය කරන ලදී. පටුන 1. මධුපිණ්ඩික සූත්‍රයෙහි මූලික අර්ථ විවරණය           Download as PDF ප්‍රපඤ්ච යනු කුමක්ද? නිමිත්ත යනු කුමක් ද ? ආයතන යන්නෙහි අර්ථය ආයතන සතිපට්ඨාන සූත්‍රය තුළින් මහා කච්චායන මහරහතන් වහන්සේ (ඉදිරි දිනවල ‌මෙම ලිපි බලාපොරොත්තු වන්න) 2. සූත්‍ර පාඨයන්ගේ අර්ථ විවරණය 3. චිත්ත වීථිය තුළ ප්‍රපඤ්චයන් ක්‍රියාත්මක වන අයුරු (‌‌‌මෙම ලිපි සඳහා පිවිසීමට link එක භාවිතා...

Read More